හදිසි නීති රෙගුලාසි සංශෝධනය කිරීම සාධනීය තත්ත්වයක් බව 'ලිබරල් තරුණ ව්‍යාපාරය' පවසයි.
එහෙත් නිදහස සහ ප්රජාතන්ත්රවාදය තහවුරු වීම සඳහා හදිසි නීතිය මුළුමනින් ම ඉවත් විය යුතු බව ද එම සංවිධානය අවධාරණය කර සිටියි.
ජනාධිපතිවරයා විසින් 2022 ජූලි මස 18 වන දින පනවන්නට යෙදුනු හදිසි නීති රෙගුලාසි මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි 11, 12(1), 13(1),13(2), 13(5), 14 (1)( අ), 14 (1)(ආ) සහ 14(1) (ඇ) දරණ ව්‍යවස්ථාවන් මගින් තහවුරු කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට දක්වමින් එකී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධී සීමාකිරීම් අභියෝගයට ලක් කරමින් 'ලිබරල් තරුණ ව්‍යාපාරයෙ'හි සමකැදවුම්කරුවන් වන නීතිඥ නාමිණී පණ්ඩිත සහ රුසිරු එගොඩගේ විසින් SC (F.R) NO 26/2022 දරණ නඩු අංකය යටතේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබිය.
මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමින් විශේෂයෙන් අවධාරණය කල කරුණක් වූයේ ජාතික ආරක්ෂාවට සහ මහජන සාමය උල්ලංඝනය වේය යන්නට කිසිදු තාර්කික පදනමක් නොමැති සමලිංගික පාර්ශවයන් අතර වන ක්‍රියා එනම් දණ්ඩ නීති සංග්‍රහ පනතෙහි 365 සහ 365 ඒ වගන්ති ද මෙම හදිසි නීති රෙගුලාසි යටතට ඇතුලත් කර තිබීමයි.
මේ හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති සමානාත්මතාවයේ අයිතිය උල්ලංඝනය වන බව ලිබරල් තරුණ ව්‍යාපාරයේ ස්ථාවරය විය.
කෙසේ නමුත් මේ වන විට එකී දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365 ඒ වගන්ති හදිසි නීති රෙගුලාසි වලින් ඉවත් කරමින් ජනාධිපතිවරයා විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.
තම සංවිධානය විසින් පෙන්වා දුන් මෙම කාරණාව සම්බන්ධව ජනාධිපතිවරයා ගත් මෙම තීන්දුව සාධනීය තත්ත්වයක් වන බවත්, සමස්තයක් ලෙස රටේ සියලු ජන කොට්ඨාස වලට මේ මොහොතේ අදහස් ප්‍රකාශ කිරීමට සහ සාමකාමි විරෝධතා පැවැත්වීමට ඇති අයිතිය තහවුරු කර දීම උදෙසා හදිසි නීති රෙගුලාසි ගැසට් පත්‍රයම අහෝසි විය යුතු බවත් එම සංවිධානය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි,
නිදහස මූලික කරගත් ලිබරල් මතවාදය වෙනුවෙන් 'ලිබරල් තරුණ ව්‍යාපාරය' දිගින් දිගටම පෙනී සිටින බවද එම නිවේදනය මගින් අවධානරණය කර තිබේ.
සබැඳි පුවත් :
හදිසි නීති රෙගුලාසිවලට එරෙහිව ලිබරල් තරුණ ව්‍යාපාරය අධිකරණයට !
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.