මහජන ආරක්ෂක පනත යටතේ ජුලී මස 18 වැනිදා නිකුත් කෙරුණු හදිසි අවස්ථා නීති කිහිපයක් සංශෝධනය

කිරීමේ සාධනීය තත්ත්වය ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව සමග පැවැත්වෙන සාකච්ඡා ඉදිරියට පවත්වාගෙන යාම සඳහා දැල්වූ කොළ එළියක් ලෙස සලකන බව අරගල භුමියේ ක්‍රියාකාරී මෙහෙවරක් සිදුකළ සංවිධාන කිහිපයක් කීයා සිටියි.

කෙසේවුවද 365 සහ 365(අ) වගන්ති සේම හදිසි නීතිය මුළුමනින්ම ඉවත් කරගත යුතු බව ද එම සංවිධාන අවධාරණය කර සිටියි.

Black Cap Movement, PLUS ONE (+1) - රටවෙනුවෙන් මමත් එකෙක්, ලිබරල් සහෝදරත්වය, සර්වපාක්ෂික අරගලකරුවෝ සහ Youth Center - අරගල බිමේ තාරුණ්‍යය යන සංවිධාන එබව සඳහන් කර ඇත්තේ, ඒකාබද්ධව නිකුත්කරමිනි.

එම නිවේදනයේ මෙසේ සඳහන් වේ.

''ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මහජන ආරක්ෂක පනත යටතේ ජූලි මස 18 වැනිදා නිකුත් කෙරුණු හදිසි අවස්ථා නීතියෙන් සෝදිසි කිරීම සහ අත්අඩංගුවට ගැනීම පිළිබඳ දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365(අ) වගන්ති ඉවත් කර තිබේ.

පසුගියදා අප සංවිධාන සහභාගිත්වයෙන් ජනාධිපතිවරයා සමග පැවැති සාකච්ඡාවේදී මේ පිළිබඳ අවධානය යොමු කෙරුණු අතර, ඊට ධනාත්මක ප්‍රතිචාර දක්වමින් මෙලෙස උක්ත වගන්ති හදිසි නීතියෙන් ඉවත් කරගැනීම පිළිබඳ අපගේ ප්‍රසාදය පළ කරමු.

මෙම සාධනීය තත්ත්වය ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව සමග පැවැත්වෙන සාකච්ඡා ඉදිරියට පවත්වාගෙන යාම සඳහා දැල්වූ කොළ එළියක් ලෙසද අපි සලකමු.



කෙසේ වුවද හදිසි නීති රෙගුලාසි සංශෝධනය කිරීම සාධනීය තත්ත්වයක් වුවද, අප සංවිධාන සියල්ල පොදු මහජන අරගලයට සම්බන්ධ පාර්ශ්ව වශයෙන් හදිසි නීතිය මුළුමනින්ම ඉවත් විය යුතුය යන දැඩි ස්ථාවරයේ සිටිමු.



ඒ අනුව දැනට පනවා ඇති හදිසි නීතිය ක්‍රමික වැඩපිළිවෙළක් තුළ ඉවත් කරගන්නා ලෙසත්, හදිසි නීතිය යොදාගෙන අරගලකරුවන් වෙත මුදාහැරෙන මර්දනය වහාම නතර කළ යුතු බවටත් අපි අවධාරණය කරමු.

එමෙන්ම හදිසි නීතිය මුළුමනින්ම ඉවත් කරගන්නා තෙක් අඛණ්ඩව සහ ඒකාබද්ධව එකී ක්‍රියාවලිය වෙනුවෙන් පෙනී සිටින බවද අපි යළිත් සිහිපත් කරමු.''

sdfsdfu


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්