සිංහල බෞද්ධ ආධිපත්‍යය තවදුරටත් පවත්වා ගෙන යාමට පිහිටුවෙන සර්ව පාක්ෂික ආණ්ඩුවට සහාය පළ කිරීම පක්ෂයේ එකම මන්ත්‍රීවරයාගේ අත්තනෝමතික තීන්දුවක් බවට 'දෙමළ ජනතා ජාතික
සන්ධානය' චෝදනා කර තිබේ.
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා 'උතුරු නැගෙනහිරට ස්වයං පාලන බලතල දීමට කල්පනා කරමින් සිටින' බව පවසන ඔහුට ඡන්දය දුන් හිටපු උතුරු පළාත් මහ ඇමැති සීවී විග්නේශ්වරන් අනාගත බහු පාක්ෂික ආණ්ඩුවකට හවුල් වීමටද මනාපය පල කර තිබුණි.
''රනිල් වික්‍රමසිංහගේ සර්ව පාක්ෂික ආණ්ඩුවේ කැබිනට්ටුවට විග්නේශ්වරන් ගියොත් `විගී ගෝ කොලොම්බු` කියා අපි විරෝධතා පටන්ගන්නවා,'' යැයි දෙමළ ජනතා ජාතික සන්ධානයේ (TMTK) මාධ්‍ය ප්‍රකාශක කන්දයියා අරුන්දවපාලන් පවසයි.
TMTK මාධ්‍ය ප්‍රකාශක කන්දයියා අරුන්දවපාලන්
යාපනය, තෙන්නමරාච්චියේ පිහිටි සිය නිවෙසට ඉකුත් සතියේ මාධ්‍යවේදීන් කැඳවූ අරුන්දවපාලන් කියා සිටියේ තම සන්ධානයේ ලේකම් සී.වී.විග්නේශ්වරන් සර්ව පාක්ෂික ආණ්ඩුවට එක් වීමට තීරණය කර ඇත්තේ පක්ෂ සාමාජිකයන්ගෙන් හා සන්ධානයේ සෙසු නායකයන්ගෙන් කිසිදු විමසීමකින් තොරව බවයි.
''දැනට තියෙන මේ ආණ්ඩුව ස්ථිර ආණ්ඩුවක් නොවේ. සමාජ ආර්ථික ප්‍රශ්න වලට පමණක් නොවේ කිසිම ගැටළුවකට විසදුම් දෙන්න ඔවුන්ට බැහැ. සිංහල බෞද්ධ ආධිපත්‍ය තවදුරටත් රැක ගන්න තමයි මේ සුදානම් වෙන්නේ. ලිඛිත හෝ වාචික ගිවිසුම් ගහලා ගියත් ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ''
ස්වකීය පාලනයේ ප්‍රතිපත්ති ප්රකාශනය පාර්ලිමේන්තුව හමුවේ තබමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ තහවුරු කර සිටියේ ව්‍යවස්ථාව ප්‍රකාර බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දෙන බවයි.
තම සන්ධානයේ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විග්නේශ්වරන් සර්ව පාක්ෂික ආණ්ඩුවට එක්වීම හෝ නොවීම ගැන කිසිදු අනුමැතියක් ලබා දිය නොහැකි බව පවසන අරුන්දව පාලන් කියා සිටින්නේ සාමුහිකත්වයෙන් තොරව හිතුමතේ තීන්දු ගැනීම ගැන කනගාටුවන බවයි.
>
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.