1200 x 80 DMirror

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය නැවතත් එකතු වී නව දේශපාලන ගමනක් යා යුතු යැයි පක්ෂ අභ්‍යන්තරයෙන් යෝජනාවක් ඉදිරිපත්ව

ඇතැයි සජබ මහලේකම් රන්ජිත් මද්දුමබණ්ඩාර 'දේශය'ට පුවත්පතට පවසා ඇත.

මේ ගැන තවමත් පක්ෂය තුළ ඇත්තේ සංවාදයක් පමණක් බව පවසන් ලේකම්වරයා, ඉක්මනින් මේ යෝජනාව ගැන තීන්දුවක් ගැනීමට හැකිවෙතැයි අපේක්ෂා කරන බවද සඳහන් කරයි.

ජනාධිපතිවරයා දැනට යෝජනා කර ඇති සර්ව පාක්ෂික ආණ්ඩුවට සහභාගි විය යුතු යැයි පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් යෝජනා කර තිබේ. ඒ අතර තවත් මන්ත්‍රීන් පිරිසක් ප්‍රකාශ කර ඇත්තේ සර්ව පාක්ෂික ආණ්ඩුවකට පිටත සිට සහාය දීම වඩාත් යෝග්‍ය බව යැයිද මහලේකම්වරයා පවසයි.

කෙසේ වෙතත් සර්ව පාක්ෂික ආණ්ඩුව සම්බන්ධව ජනාධිපතිවරයා සමඟ තම පක්ෂය නිල වශයෙන් සාකච්ඡා කරන බවද මහලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.


(deshaya.lk)

 

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය