අරගලයට නිසි නායකත්වයක් නොමැති වීම නිසා එම අරගලය අද වන විට අසාර්ථක වී ඇති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.



ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන එබව කියා සිටියේ, කොළඹ නව නගර ශාලාවේ ඊයේ  (07) පැවති එම පක්ෂයේ කාන්තා නියෝජිත වැඩමුළුවකට සහභාගි වෙමිනි.

" අරගලයේ නායකයා මම නම් මුලින්ම රූපවාහිනි සංස්ථාවට යන්නේ මම. ගිහිල්ලා රටටම කියනවා අපේ රට අල්ල ගත්තා සියලුදෙනාම සන්සුන් වෙන්න සාමකාමීව හැසිරෙන්න අපි අලුත් රටක් හදමු වංචාවෙන් දූෂණයෙන් තොර ඒ නිසා මෙරට මෙතන සිට භාරගන්නේ අපි.'' ඔහු එහිදී පැවසිය.

තම පක්ෂය අරගලයට මුලදී ආශිර්වාද කලත් පස්සේ කාලෙකදී ඔවුන් විසින් ජනාධිපති කාර්යාලයට සහ ජනාධිපති මන්දිරයට, අග්‍රමාත්‍ය කාර්යාලය සහ අරලියගහ මන්දිරයට කර විනාශ සහ සොරකම් අනුමත කළ නොහැකි බව හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

 

''අනවශ්‍ය අත්අඩංගුවට ගැනීම් සහ මර්දනය කිසිලෙසක අනුමත කළ නොහැකියි. අරගලය යනු විප්ලවයක්.. ඊට දේශපාලන මුහුණුවරක් තිබෙනවා. එම නිසා මේ යුද්ධයක් ලෙස සැලකිය නොහැකියි.. කරුණාකරලා අත්අඩංගුවට ගැනීම් නවත්තනවා නන් වඩාත් සුදුසු බව හිටපු ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.

 

''වරප්‍රසාද අපේක්ෂා නොකර රජයට සහය දෙනවා''


සර්ව පාක්ෂික ආණ්ඩුවක් අතිශයින්ම වැදගත් බව මෙහිදී සඳහන් කර හිටපු ජනාධිපතිවරයා, කිසිඳු වරදාන වරප්‍රසාදයක් අපේක්ෂාවෙන් තොරව මෙම අසීරු අවස්ථාවේදී රට ගැන සිතා පොදු වැඩ පිළිවෙලකට සහයෝගය ලබාදීමට බලාපොරොත්තු වන බවත්, දේශපාලන පාට පක්ෂ භේද පසෙකලා රට වෙනුවෙන් පොදු එකගතාවයකට සියළු දෙනාම මේ මොහොතේ එකතුවූයේ යුතු බව ද පැවසිය.

එමෙන්ම රට තුළ පවතින ගැටළු විසඳීමට හැකි පුද්ගලයෙකු වේ නම් එම පුද්ගලයාට සහය දැක්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පසුබට නොවන බව ද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.


''අර්බුදයෙන් ගොඩ ඒමට පැහැදිලි විසඳුමක් සහ වැඩපිළිවෙළක් අවශ්‍යයි ''


රටේ තෙල් පෝලිම් තවමත් නිසි ලෙස අවසන් වී නැති බවත්, ආර්ථික අර්බුදයට නිසි පිළිතුරක් ලබා දෙනතෙක් මේ අරගලයට විසඳුමක් නොමැති බවත් ශ්‍රීලනිප නායකයා අවධාරණය කර සිටියේය.

ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට පැහැදිලි විසඳුමක් සහ වැඩපිළිවෙළක් අවශ්‍ය බවත්, එසේ සිදුවූවොත් යම් මට්ටමකින් මෙම තිබෙන අර්බුදයෙන් ගොඩඒමට හැකි බවත් හෙතෙම කියා සිටියේය.

රටවල් අතර පවතින මතගැටුම් සහ යුදමය තත්ත්වයන්ගෙන් මෙරට භූ දේශපාලනයට මෙන්ම ආර්ථිකයට ද බලපෑම් එල්ල විය හැකි බව ද හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වැඩිදුරටත් සඳහන් කළේය.




කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්