පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ විප්ලවවාදී ශිෂ්‍ය සංගමයේ මෙහෙයුම් මණ්ඩල විධායක කමිටු සාමාජිකයෙකු වන මංගල මද්දුමගේ පොලීසිය විසින්

අත්අඩංගුවට ගෙන තිබේ.

මැයි මස 19 වනදා පැවති විරෝධතාවයක් අතරතුර අධිකරණ නියෝග කඩකිරීමේ චෝදනාවකට අදාළව ඔහු කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.


කෙසේ වෙතත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මංගල මද්දුමගේ පැහැරගෙන ගිය බවට චෝදනා කළේය. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු  ප්‍රකාශ කළේ සිවිල් ඇඳුමින් සැරසුණු පිරිසක් ත්‍රිරෝද රථයකින් පැමිණ කොළඹ මහජන පුස්තකාලය ඉදිරිපිටදී මෙම පැහැරගැනීම සිදුකළ බවයි.

 
එසේම මංගල මද්දුමගේ මහනුවර ගෝඨා ගෝ ගම ආරම්භයේදීත් ගෝල් ෆේස් ජන අරගලයේදීත් ප්‍රමුඛපෙළ ක්‍රියාකාරිකයෙකු ලෙසට කටයුතු කළ බව පුබුදු ජයගොඩ පැවසිය.

මේ අතර පොලිසිය පවසන්නේ, ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙකු වන මංගල මද්දුමගේ කොළඹ දකුණ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත් බවයි.

අධිකරණ නියෝග කඩ කිරීමේ චෝදනා මත ඔහු අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය.

PHOTO 2022 08 08 14 12 23

මේ අතර රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින ලංකා ගුරු  සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් ඇප මත මුදාහැරීමට කොළඹ, කොටුව මහේස්ත්‍රාත්වරයා අද(08) නියෝග කළේය.

අධිකරණ නියෝගයක් කඩ කරමින් විරෝධතාවක් පැවැත්වීමේ චෝදනාව මත ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය 03 වැනිදායි.
 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 
 

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

නවතම පුවත්

ඇට මැස්සා