ගාලුමුවදොර අරගලභූමියට ජනතාව හෙට (09) නොපැමිණියහොත් තමන් වහන්සේ ඇතුළු ඉතිරි පිරිස්ද එම ස්ථානයෙන් ඉවත් වන බව අරගලභූමියේ වස්

වසමින් රැඳී සිටින පූජ්‍ය ධම්ම සුජාත හිමියන් පවසති.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු උන්වහන්සේ මෙසේ පැවසුහ.

"අප්‍රේල් 9 වෙනිදා මේ දක්වා මේ අරගල භූමියේ සිද්ධවෙන සියලුම දේවල් දිහා අපි නිහඬව බලාගෙන හිටියා. මේ අරගල භූමියේ මුලින්ම විශාල සෙනඟක් හිටියා. අද බලන්න කී දෙනාද ඉන්නේ කියලා.

ඒකෙන් රටවැසියෝ තේරුම් ගන්න ඕනේ මෙච්චකල් සිස්ටම් චේන්ජ් කියාගෙන ආපු පිරිස ඇවිල්ලා තියෙන්නේ ඇත්තටම තමන්ගේ පක්ෂය රජ කර ගැනීමටත්, තියෙන ආණ්ඩු පක්ෂය අයින් කරගැනීමත් තමා ඒ අයගේ මුලික අරමුණ වෙලා තියෙන්නේ. එහෙම නැතිව සිස්ටම් ජේන්ජ් කරන එකක් අයගේ තිබිලා නෑ.

හෙට අගෝස්තු 9 වනදා මේ භූමියේ මේ වනකල් සිදුකරගෙන ආව අරගලයේ ප්‍රතිඵලයක් නැත්නම් අපි මේක හෙටින් නතර කරනවා."



ගාලුමුවදොර "ගෝඨා ගෝ ගම" අරගල භූමියේ ඉදිකර ඇති අට්ටාල ගලවා 05 වනදා පස්වරුව වන විට ඒම ස්ථානයෙන් ඉවත්වන ලෙස පොලීසිය ඉකුත් තුන්වනදා අරගලකරුවන්ට දැනුම් දුන්නේය.

නමුත් පසුව නීතිපතිවරයා අභියාචනාධිකරණය හමුවේ ප්‍රතිඥාවක් දෙමින් කියා සිටියේ, නිසි නීතිමය ප්‍රතිපාදන අනුගමනය කිරීමකින් තොරව ලබන 10 වනදා තෙක් ගාලු මුවදොර 'ගෝඨා ගෝ ගම' අරගල භූමියේ පවතින අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමෙන් වළකින බවය.

කෙසේ වෙතත් එවැනි වටපිටාවක් තුළ ආරම්භයේ සිට ගාලු මුවදොර 'ගෝඨා ගෝ ගම' අරගල භූමියේ සිටි කණ්ඩායම් බොහෝමයක් මේ වන විට එම ස්ථානයෙන් ඉවත්ව ගොස් තිබේ.

ඒ අනුව මේ වන විට අරගල භූමියේ ඉතිරිව ඇත්තේ අරගලකරුවන් ඉදිකළ කූඩාරම් 15ක පමණ ප්‍රමාණයක් පමණයි.

හෙට දිනයේ දෙදාහක පමණ පිරිසක් අරගල භූමියට පැමිණීමට ඉඩ ඇතැයි ආරක්ෂක අංශ ගණන් බලා ඇතැයි වාර්තාවේ.


හෙට පැවැත්වෙන විරෝධතාවක් නවත්වන්නැයි පොලිසිය කළ ඉල්ලීමක් අධිකරණය ප්‍රතික්ෂේප කරයි


බහුජන සංවිධාන සහ දේශපාලන පක්ෂ ඒකාබද්ධව හෙට (09) කොළඹ විහාර මහාදේවි උද්‍යානයේ පැවැත්වීමට නියමිත විරෝධතා තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි පොලිසිය කළ ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කර ඇත.

කුරුඳුවත්ත පොලිසිය සිදුකළ ඉල්ලීමක් ප්‍රතික්ෂේප කරමින් අදාළ නියෝගය ලබාදී ඇත්තේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ විසිනි.

විරෝධතාවලදී යම් සාමය කඩවීමේ ක්‍රියාවක් හෝ දේපළවලට හානි කිරීමක් සිදුකළහොත් ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට පොලිසියට බලය තිබෙන බව ද මෙහිදී මහේස්ත්‍රාත්වරයා සඳහන් කර තිබේ.


(උපුටා ගැනීම් - adaderana.lk)



කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්