ජනාධිපතිවරයා සමග හෙට (09) දිනයේ පැවැත්වීමට නියමිතව තිබු සාකච්ඡාවට සහභාගී නොවනබව ජනතා විමුක්ති පෙරමුණ

විසින් ජනාධිපති කාර්යාලය වෙත අද (08) පස්වරුවේ දැනුම් දී ඇත.

එහෙත් සර්ව පාක්ෂික වැඩපිළිවෙලක් සම්බන්ධයෙන් සිය පක්ෂයේ ස්ථාවරය හෙට දිනයේ ලිඛිතව ලබාදීමට කටයුතු කරනබව ද ජවිපෙ විසින් දැනුම් දී තිබේ.

 ජවිපෙ මිට කලින් තීන්දු කොට තිබුණේ හෙට පැවැත්වෙන සාකච්ජාවට සහභාගි වීමටය.

සිදුකර ඇති ආරාධනයට අනුව ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමට සිය පක්ෂය තීරණය කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රචාරක ලේකම් විජිත හේරත් ඊයේ (07) දිනයේ මාධ්‍ය වෙත ප්‍රකාශකර සිටියේය.



කෙසේවුවද සර්ව පාක්ෂික ආණ්ඩුවක් බිහිකිරීම සඳහා සිය පක්ෂය කිසිඳු ලෙසකින් සහාය ලබානොදෙන බව විජිත හේරත් මන්ත්‍රීවරයා අවධාරණය කළේය.



සර්ව පාක්ෂික වැඩපිළිවෙලක් සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂවල සහයෝගය ලබාදෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය දා විවෘත ආරාධනයක් කරනු ලැබීය.

ඒ අනුව මේ වන විටත් සමගි ජනබලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, පාර්ලිමේන්තුවේ ස්වාධීන වු පක්ෂ 10 කණ්ඩායම ඇතුළු කණ්ඩායම් කිහිපයක් ජනාධිපතිවරයා සමග සාකච්ඡා පවත්වා තිබේ.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ සමග පැවැති සාකච්ඡාවලදී ඉදිරිපත් වු යෝජනා එම සාකච්ඡාවලට සහභාගී වු සියලු පක්ෂවලට හෙට (09) දිනයේ ලබාදීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කර තිබුණි.


''අපි ඕවට නැ '' - විමල් වීරවංශ

කෙසේවෙතත් සර්ව පාක්ෂික ආණ්ඩුවට එක්වන බවට තමන් ප්‍රකාශ කර නොමැති බව ජාතික නිදහස් පෙරමුණ පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සඳහන් කළේ, සර්ව පාක්ෂික වැඩපිළිවෙලක් සඳහා සිය පක්ෂයේ යෝජනා 10ක් ජනාධිපතිවරයා වෙත යොමුකර ඇති බවය.

අදාළ යෝජනා සැලකිල්ලට ගනිමින් අවම පොදු ජාතික වැඩපිළිවෙල දෙස විමසිලිමත්ව බලා සිටින අතර එය ක්‍රියාත්මක කිරිම පිණිස සැකසෙන සර්ව පාක්ෂික ආණ්ඩුවකට සහය දක්වන්නේ නම් ඒ පිළිබදව විවෘතව මහජනයා වෙත දැනුම් දෙන බව විමල් වීරවංශ නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.

 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image