1200 x 80 DMirror

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තවදුරටත් සිංගප්පුරුවේ රඳවා ගන්නේ ද ? නැද්ද ? යන තීරණය එරට රජය විසින් හෙට (10) දිනයේදී ප්‍රකාශයට

පත්කිරීමට නියමිතය.

ඔහුට සිංගප්පුරුවේ රැඳී සිටීමට ලබාදී තිබු විසා කාලසීමාව අගෝස්තු 11 දිනයෙන් අවසන් වේ.

කෙසේවුවද ඔහුට තව සති කිහිපයක් එහි රැඳී සිටීමට විසා පහසුකම් ලබාදෙන මෙන් ශ්‍රී ලංකා රජය, සිංගප්පුරු රජයෙන් නිල වශයෙන් ඉල්ලීමක් කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ පෞද්ගලිකව ඒ සම්බන්ධ මැදිහත්වීම් සිදුකර ඇතිබව ආණ්ඩුවේ ආරංචිමාර්ග පවසයි.

ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම මත ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට සිංගප්පුරු රජය විසින් පුර්ණ ආරක්ෂාවක් සහිතව නේවාසික පහසුකම් ලබාදී ඇති බව  ද වාර්තාවේ.

කෙසේවුවද ගෝඨාභය රාජපක්ෂ සිංගප්පුරුවේ ඉතා මිල අධික හෝටලයක නවාතැන් ගෙන සිටින බවට සමාජ මාධ්‍ය වල පලවන තොරතුරු අසත්‍යබවත්, ඔහු වඩාත් ආරක්ෂාකාරී ස්ථානයක රැඳී සිටින බවත් සිංගප්පුරුවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසිය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහට උපරිම සහය දෙන්නැයි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඔහුට දුරකතනයෙන් ඇමතු පොහොට්ටු පක්ෂ මන්ත්‍රීවරුන් සියලු දෙනාගෙන්ම පාහේ ඉල්ලා ඇතැයි ද වාර්තාවේ. 



කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය