තමා සමග මුහුණට මුහුණ ගැටෙන සජිවී රූපවාහිනී සංවාදයකට එන්නැයි එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස

විසින් කළ අභියෝගය හමුවේ 'පොහොට්ටුවේ' ජනාධිපති අපේක්ෂක ගෝඨාබය රාජපක්ෂ පලායාම විමතියට කාරණයක් නොවන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසයි.

'ට්විටර්' පණිවිඩයක් නිකුත්කරමින් ඔහු එබව සටහන් කර තිබේ. එහි මෙසේ සඳහන් වේ.

''ප්‍රභාකරන් එදා 'සියලු යුද්ධයන්ගේ මව' ලෙස සලකු අලිමංකඩ මෙහෙයුම පටන්ගෙන සතියක් තුල රටින් පලාගිය ගෝඨාබය, විවාද මඟහැරීම පුදුමයක් නොවන්නේ එදත් අදත් ඔහු බියගුල්ලක් ලෙස පලා යන බැවිනි.''

fc12601d 3821 4bd8 bcde 85396872cbbc

සජිත්ගේ අභියෝගය :

තමා සමග සජීවී විවාදයකට එන්නැයි සජිත් ප්‍රේමදාස ඊයේ ට්විටර් පණිවිඩයක් නිකුත්කර තිබු අතර එහි මෙසේ සඳහන් විය.

 ''අපගේ ප්‍රතිපත්ති සහ ඉදිරි දැක්ම ගැන සංවාද කිරීමට ගෝඨාභය රාජපක්ෂ හට මා සමග මුහුණට මුහුණ ගැටෙන සජිවී රූපවාහිනී සංවාදයකට අභියෝග කරමි. ශක්තිමත් අපේක්ශකයෙකු නම් විරුද්ධ පාර්ශවය සමග එක වේදිකාවක අදහස් හුවමාරු කරගැනීමට කිසිදු බියක් නොදැක්විය යුතුය.''

74662475 10156831875125186 8033945930161979392 n 

ඒ සම්බන්ධයෙන් ගෝඨාබය රාජපක්ෂ වෙතින් මේදක්වා ප්‍රතිචාරයක් පලනොවිම නිසා සජිත් ප්‍රේමදාස අද (24) දිනයේ තවත් ට්විටර් පණිවිඩයක් නිකුත්කර තුබූ අතර එහි මෙසේ සඳහන්විය.

af93d824 474a 4843 b7d6 1502def8ac98
සජිත් අද (24) නිකුත්කල  ට්විටර් පණිවිඩය

 සජිත්ගේ අභියෝගය සම්බන්ධයෙන් ගෝඨාබය ගෙන් මෙතෙක් ප්‍රතිචාරයක් නොලැබීම ගැන සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු මෙසේ සටහන් කර තිබිණ.

සජිත්ගේ අභියෝගයට අදට දින 1 යි

රතුපස්වල ගැන නෙමෙයි
රොශේන් චානක ගැන නෙමෙයි
ලසන්ත වික්‍රමතුංග ගැන නෙමෙයි
කීත් නොයාර් ගැන නෙමෙයි
ප්‍රගීත් එක්නැලිගොඩ ගැන නෙමෙයි
උපාලි තෙන්නකෝන් ගැන නෙමෙයි
පෝද්දල ජයන්ත ගැන නෙමෙයි
වැලිකඩ සිද්ධිය ගැන නෙමෙයි
රාජපක්ෂ කෞතුකාගාරය ගැන නෙමෙයි
සුදු වෑන් ගැන නෙමෙයි
සිරස, සියත ගිනිතැබීම් නෙමෙයි
ලලිත්, කුගන් ගැන නෙමෙයි
අතුරුදහන් තරුණයින් 11 ගැන නෙමෙයි
කටුණායක වෙලඳ කලාපය ගැන නෙමෙයි
යාචකයන් ගැන නෙමෙයි

ඒ මුකුත් අහන්නෙ නෑ,ඒ ගැන මුකුත් කියන්නෙ නෑ
දැන්වත් එන්න ප්‍රතිපත්ති ගැන කතා කරන්න ඇයි ඔච්චර බය ?

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්