පාර්ලිමේන්තුව තුළ සිදුවන දේපල විනාශ කිරීම් හෝ වෙනත් කටයුතු සම්බන්ධයෙන් රටේ පවතින සාමාන්‍ය නීති යටතේ කටයුතු කළ නොහැකි බව
කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසීය.
ඒ සම්බන්ධයෙන් කටයුතු කළ හැක්කේ පාර්ලිමේන්තුව තුළින් පමණක් බව කී ඇමතිවරයා එම ක්‍රියාවන් ගැන අධිකරණයකදීවත් ප්‍රශ්න කළ නොහැකි බව සඳහන් කළේය.
පාර්ලිමේන්තුවේ යම් සිදුවීමක් ඇතිවූ විට අවශ්‍ය අංශවල අවධානය ඒ කෙරෙහි යොමු කරවිය යුත්තේ කතානායකවරයා විසින් බවත්, ඒ ගැන පරීක්‍ෂණ කළ යුත්තේ පාර්ලිමේන්තුවේදී බවත් කී ඇමතිවරයා එසේ නොකළා නම් ඒ ගැන කතානායකගෙන් විමසිය යුතු බව ද කීවේය.
අමාත්‍ය බන්දුල ගුණවර්ධන මේ බව පැවසුවේ පොදු දේපල විනාශ කළ බව කියමින් අරගලකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නා සේ පසුගිය රජය සමයේ පාර්ලිමේන්තුවේ ඇතිවූ සිදුවීම්වලදී එහි දේපලවලට හානි කළ මැති ඇමතිවරුන් සම්බන්ධයෙන් පියවර නොගත්තේ ඇයිදැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (9) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.
මෙම කාරණය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන පොස්ටුවක් පහත පළවේ.

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.