හිටපු ජනාධිපතිවරයා ජනාධිපති මන්දිරයෙන් පලවා හැර අදට (අගෝස්තු 09) මාසයක කාලයක් ගතව ඇත.



ජුලි 09 වැනිදා කොළඹට රැස්වූ දැවැන්ත ජනවිරෝධතා හමුවේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට ජනාධිපති මන්ධිරයෙන් පලා ගොස් ගුවන් හමුදා යානයකින් රටින් පිටව යාමට පවා සිදුවිය.

එසේ, ගෝඨාභය රාජපක්ෂ රටින් පලායාමෙන් පසු ජනාධිපති ධුරයට පත් රනිල් වික්‍රමසිංහ අද පැලවත්ත අකුරේගොඩ යුධ හමුදා මූලස්ථානය මූලස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් පවසා සිටියේ,  ප්‍රචණ්ඩකාරීන්ගෙන් පාර්ලිමේන්තුව රැක ගනිමින් ප්‍රජාතන්ත්‍රවාදය  ආරක්ෂා කළ  හමුදා සාමාජිකයන්ට ජාතියේ ප්‍රණාමය හිමි වන බවයි.

එදා ත්‍රස්තවාදය නැති කළා වගේ ආරක්ෂක හමුදා අද ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කළ බව ද ජනාධිපතිවරයා කීය.

පාර්ලිමේන්තු සංකීර්ණය ආරක්ෂා කරගැනීමට සහභාගිවූ ආරක්ෂක හමුදා සාමාජිකයන්ට මෙහිදී ජනාධිපතිවරයා අතින් ප්‍රණාම සහතික ද ප්‍රදානය කෙරිණි.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, කතානායක මහින්ද යාපා අබේවර්ධන, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා  සහ ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

{gallery}akuragodaranil2289{/gallery}


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්