කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පිවිසෙන මාර්ගය අසල පොලිස් මාර්ග බාධකයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් පිරිසකගේ

රාජකාරියට ඉකුත් මැයි 25 වෙනිදා බාධා කිරීමක් සම්බන්ධයෙන් අධිකරණයෙන් නිකුත් කළ නොතීසියකට අනුව අධිකරණයට අද ඉදිරිපත් වූ අරගලයේ ඉදිරි පෙළ ක්‍රියාකාරිකයින් 08 දෙනෙකු ශරීර ඇප මත මුදා හැර තිබේ.

දමිතා අබේරත්න, ජෝසප් ස්ටාලින්, රතිඳු සේනාරත්න (රැට්ටා), ජගත් මනුවරණ ඇතුළු අරගලයේ ක්‍රියාකාරිකයන් 08 දෙනෙක් මෙසේ ඇපමත මුදා හැරිනු ලැබීය.

කොම්පඤ්ඤවීදිය පොලීසිය අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කරනු ලැබුවේ පොලිස් මාර්ග බාධකයේ රැදී සිටි පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධාකරමින් සහ බන්ධනාගාර බස් රථයකට බාධා කිරීමක් සම්බන්ධයෙන් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන බවය.

සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය ප්‍රකාශ කර සිටියේ, අදාළ නඩුව පොලිසිය විසින් වංචා සහගත ආකාරයෙන් ගොනු කරන ලද්දක් බව ය.

ඒ අනුව, කරුණු සලකා බලා ඇති මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් ශරීර ඇප මත හැර ඇති අතර නඩුව නැවත නොවැම්බර් මස 28 වන දා කැඳවන ලෙස නියම කළේය.

තව ද අදාළ සැකකරුවන්ට හෙට (අගෝ. 10) කොම්පඤ්ඤවීදිය පොලිසියට ගොස් ප්‍රකාශ ලබා දෙන ලෙස ද නියෝග මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්