ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුවේ) ප්‍රතිසංස්කරණවාදී කණ්ඩායම නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකුට මරණීය තර්ජන

එල්ලවීම සම්බන්ධව කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ නියමය මත පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

තමන්ට මරණ තර්ජන එල්ල වී ඇති බවට ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායමේ මන්ත්‍රීවරුන් වන වෛද්‍ය තිලක් රාජපක්ෂ සහ නීතිඥ වසන්ත යාපා බණ්ඩාර  කතානායකවරයාට කරන ලද පැමිණිල්ල අනුව මෙම පරීක්ෂණ ආරම්භ වී තිබේ.

ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීම සඳහා පසුගිය ජුලි 20 වෙනිදා පාර්ලිමේන්තුවේ දී කළ ඡන්ද විමසීමේ දී ඩලස් අලහප්පෙරුමට සහයදීමේ සිය ස්ථාවරය නිසා මෙම මරණීය තර්ජන එල්ල වී ඇති බවට ඔවුන් පැමිණිලි කර ඇත.

දුරකථන මාර්ගවලින් සිදුකරන ලද මෙම මරණීය තර්ජනවලට අදාල පටිගත කළ හඬ පට සහිතව මෙම මන්ත්‍රීවරු දෙදෙනා මේ වනවිට පොලිස්පතිවරයාට සහ ජනාධිපතිවරයාට ද පැමිණිලි කර තිබේ.



කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්