හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හෙට (අගෝ. 11) තායිලන්තය බලා යාමට නියමිත බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.



ආරංචි මාර්ග දෙකක් උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය මේ බව වාර්තා කර තිබේ.

එහි දැක්වෙන්නේ, ගෝඨාභය රාජපක්ෂ තාවකාලිව එරට රැඳී සිටීමේ අපේක්ෂාවෙන් එහි යනු ඇති බව ය.

ඒ අනුව, ඔහු සිංගප්පූරුවෙන් පිටත්ව හෙට තායිලන්තයේ බැංකොක් අගනුවරට යාමට අපේක්ෂා කරන බව එම ආරංචි මාර්ග සඳහන් කර තිබේ.

මේ සම්බන්ධයෙන් මෙරට විදේශ අමාත්‍යංශය මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැති අතර තායි රජයේ ප්‍රකාශිකා රචඩා තනාදිරෙක් රොයිටර්ස් පුවත් සේවයට ප්‍රකාශ කර ඇත්තේ, මේ පිළිබඳව “කිසිදු අදහසක් නැත” යනුවෙනි.

ශ්‍රී ලංකාව හැර යාමෙන් පසු හිටපු ජනාධිපතිවරයා කිසිදු අවස්ථාවක ප්‍රසිද්ධියේ පෙනී සිටීමක් හෝ අදහස් දැක්වීමක් කර නොමැති අතර සිංගප්පූරු රජය ප්‍රකාශ කර ඇත්තේ, ඔහුට කිසිදු වරප්‍රසාදයක් හෝ මුක්තියක් ලබා නොදුන් බව ය.


සිංගප්පුරුව විසා දීර්ඝ නොකරයි !


ජනතා විරෝධතා හමුවේ පසුගිය ජූලි 12 රාත්‍රියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, ඔහුගේ බිරිද අයෝමා රාජපක්ෂ සහ තවත් දෙදෙනෙක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ගුවන් යානයකින් මාලදිවයින බලා පිටත්ව ගියහ.

ඉන් අනතුරුව, ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පිරිස, මාලේ අගනුවර සිට සිංගප්පූරුව බලා ගියේ සෞදි අරාබි ගුවන් සේවයට අයත් ගුවන් යානයකිනි.

ජූලි 14 වැනිදා සිට ගෝඨාභය රාජපක්ෂට සිංගප්පූරුවේ රැඳී සිටීමට අවස්ථා දෙකකදී සිංගප්පූරු රජයෙන් දින 14 බැගින් විසා අවසර ලබා දුන්නේය.

සිංගප්පූරු බලධාරීන් ගෝඨාභය රාජපක්ෂ ට ලබා දුන් වීසා කාලය හෙට  (11) අවසන් වන අතර, ඔහු තායිලන්තය බලා පැමිණෙන්නේ ඒ අනුව බවත් රොයිටර් පුවත් සේවය පවසා තිබේ.


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්