1200 x 80 DMirror

රන්ජන් රාමනායක අධිකරණය සම්බන්ධව කළ ප්‍රකාශය පිළිබඳ කණගාටුව පළකර දිවුරුම් ප්‍රකාශයක් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ජනාධිපති
සමාව ලබා දීම සුදුසු යැයි නිර්දේශ කල බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නිතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ ප්‍රකාශ කළේය.

රන්ජන් රාමනායක දීර්ඝ කාලයක් දඬුවම් විඳ තිබීම, යහපත් කල් ක්‍රියාවෙන් සිටීම සහ සමාජයට දායකත්වයක් ලබාදීමට හැකි වීම හේතුවෙන් ජනාධිපති සමාව දීම සාධාරණ යැයි රජය විශ්වාස කරන බව ජනාධිපති නිතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ පෙන්වා දුන්නේය.

ක්‍රියාවලියේ විනිවිදභාවය සහතික කිරීම සඳහා නීතිපති උපදෙස් සහ බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් වාර්තාව ලබාගත් බවත් සියලු කාරණා සලකා බැලීමෙන් අනතුරුව කොන්දේසියක් යටතේ සමාව දීම සුදුසු බව නිර්දේශ කල බවත් ජනාධිපති නිතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ පැවසුවේය.

රන්ජන් රාමනායක අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් දඬුවම් විඳීම හේතුවෙන් අධිකරණය අවතක්සේරු නොවන ආකාරයට ජනාධිපති සමාව ලබා දිය යුතු බව විජයදාස රාජපක්ෂ සඳහන් කළේය.

රන්ජන් රාමනායකගේ ප්‍රජා අයිතිය පිළිබඳ තීරණය කරනු ලබන්නේ ජනාධිපතිවරයා බව ද ඔහු පැවසුවේය.

(lankadeepa.lk)



කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

ඇඩ්වර්ටයිසිං ලෝකය