ජාතික රජයක් ගොඩ ගොඩනැඟීම මඟින්, ඇමතිවරුන් සංඛ්‍යාව සඳහා වන සීමාව ඉවත් කිරීමට ප්‍රතිපාදන සැලසීම බරපතල කාරණයක් බව පාර්ලිමේන්තු

මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග පවසයි.

පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ පක්ෂ දහයේ සන්ධානය නියෝජනය කරන 'යුතුකම' සංවිධානයේ නායක ගෙවිඳු කුමාරතුංග එබව සඳහන් කලේ ඊයේ (10) පාර්ලිමේන්තුවේ පැවති ජනාධිපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ පාර්ලිමේන්තු විවාදයේ දීය.

''අද මේ සභාවට පළමු වන වර ඉදිරිපත් කළ විසිදෙ වන සංශෝධනයෙහි, දහනව වන සංශෝධනයේ තිබුණ, අප දකින ආකාරයට නම් දුර්දාන්තම සංශෝධනයක් නැත්නම් වගන්තියක් ඇතුලත් ව තිබීම අතිශයෙන් ම කණගාටුදායක බව නොකියා ම බෑ. ඊට පෙර ගරු අධිකරණ ඇමතිතුමා ඉදිරිපත් කළ විසි දෙවන සංශෝධන කෙටුම්පතට ඇතුලත් නොවූ වගන්තියක් නැවතත් ඇතුල් කොට තිබෙනවා.  ඒ තමයි ජාතික රජයක් ගොඩ ගොඩනැඟීම මඟින්, ඇමතිවරුන් සංඛ්‍යාව සඳහා වන සීමාව ඉවත් කිරීමට ප්‍රතිපාදන සැලසීම. '' යයි ඔහු කියා සිටියේ අධිකරණ අමාත්‍යවරයා විසින් ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල 22 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් ධනාත්මක ප්‍රතිචාරයක් දැක්වූ ගෙවිඳු මන්ත්‍රීවරයා, පක්ෂ නායකයින් සමග කළ අදහස් හුවමාරුවේ දී පක්ෂ නායකයින්ගේ අදහස්වලට ද කන්දෙමින් ඇතැම් තීන්දු තීරණ ගැනීම පිළිබඳවත් ප්‍රසාදය පළකළේය.

එහෙත්, ඊයේ (10) දිනයේ  අධිකරණ අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කෙරුණු විසිදෙවන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්බන්ධයෙන් යම් විමතියක්,   වික්ෂිප්තභාවයක් මතු ව තිබෙන බව ගෙවිඳු මන්ත්‍රීවරයා මෙහිදී ප්‍රකාශකර සිටියේය.

පෙරදිනයේ (09) ඔහුට පාර්ලිමේන්තුව ඇමතීමට විනාඩි 10ක කාල සීමාවක් වෙන්කර ඇතැයි පාර්ලිමේන්තුවෙන් දැනුම්දීමක් කර තිබුනද ඊයේ පෙරවරුවේ එම කාල සීමාව විනාඩි 8කටත්, අනතුරුව විනාඩි 7කටත්,  කතාව කරද්දී එය විනාඩි 6කටත් සීමා කර තිබිණ.

ගෙවිඳු මන්ත්‍රීවරයා විසින් සිදුකල ප්‍රකාශය පහත පළවේ.


සර්වපාක්ෂික රජයක් පිහිටුවීමට අදහසක් තිබෙන්නේ නම් මේ ගැනත් හිතන්න


ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි,


''අපි යුතුකම සංවිධානය ගරු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ගේ, මේ සභාවෙන් තේරී පත් වූ ජනාධිපතිතුමා ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් දැරුවේ ධනාත්මක අදහසක්. විශේෂයෙන් ම මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ගැනත් ඒ වගේම පක්ෂ නායකයින් සමග කළ අදහස් හුවමාරුවේ දී අප ගේ අදහස්වලට ද කන්දෙමින් තීන්දු තීරණ ගැනීම ගැනත් තිබුණේ ප්‍රසාදයක්.

එහි දී සංශෝධිත අයවැය ඇස්තමේන්තු, විසිදෙවන ව්‍යවස්ථා සංශෝධනය හා පක්ෂ නායකයින් ගෙන් සමන්විත ජාතික සභාව ලෙස එතුමා කරුණු දැක්වූ විට, සර්වපාක්ෂික රජයක් පිහිටුවීමට අදහසක් තිබෙන්නේ නම් අයවැය සංශෝධනයන්ට හා විසිදෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පෙර ඒ එකගතා ගොඩනගා ගැනීම සඳහා පක්ෂ නායකයින් ගේ ජාතික සභාව කැඳවන ලෙස අප කරන ලද ඉල්ලීම අනුව එතුමා අගමැතිතුමාට ඒ උපදෙස් දීම සම්බන්ධයෙනුත් අප ගේ ප්‍රසාදය එතුමාට හිමි වෙනවා.

 

අපි ඒ සම්බන්ධයෙන් 'යුතුකම' සංවිධානය හැටියට ඉදිරිපත් කරපු අදහස් මාලාවේ මූලික හරය වන්නේ, යම් සර්වපාක්ෂික රජයක් පිහිටුවන්නේ නම් රටවැසියා අද මුහුණ දෙන දුෂ්කරතාවන් ගෙන් මුදාගැනීම, ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය සුරක්ෂිත කිරීම, මව්බිමේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සහ මහ මැතිවරණයකට සුදුසු පරිසරයක් නිර්මාණය කිරීම යන කරුණු මූලික කරගත යුතු බව යි.

 

# ඒ වගේ ම මේ පක්ෂ නායකයින් ගේ ජාතික සභාව ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ගන්නා ආයතනය ලෙස ගොඩනඟන ලෙසත්, කුඩා ඇමති මණ්ඩලයක් මඟින් විධායකයේ කටයුතු සිදු කරන ලෙසත් අපි එහි දී ඉල්ලා සිටියා.

# ඒ වගේ ම පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ හා කණ්ඩායම් සමඟ කරන සර්වපාක්ෂික සාකච්ඡාවට සමගාමීව, ඊට පරිබාහිර ජාතික සංවිධාන, වෘත්තිය සමිති, වෘත්තිකයින් ගේ සංවිධාන, බහුජන සංවිධාන ආදියෙහි අදහස් ලබාගන්නා සමුළුවක් පැවැත්වීමටත් කටයුතු කරන ලෙස අපි යෝජනා කළා.

 

එම ප්‍රයත්නයන් දෙස සුබවාදීව බලන අතර ම අද (10) දිනය ඉදිරිපත් කෙරුණු විසිදෙවන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්බන්ධයෙන් අප තුළ යම් විමතියක්  වික්ෂිප්තභාවයක් මතු ව තිබෙන බව ගෙවිඳු මන්ත්‍රීවරයා මෙහිදී ප්‍රකාශකර සිටියේය.

 

# මෙහි දී ගරු ජනාධිපතිතුමා දැනට එතුමා සතුව ඇති බලතල විශාල ප්‍රමාණයක් දහනවවන සංශෝධනයේ පරිදි අතහැරීමට කටයුතු කරනවා නම් එය ප්‍රශංසා කටයුතු යි.

# ඉහළ අධිකරණවල විනිශ්චකාරතුමන්ලා පත් කිරීම, නීතිපතිතුමා පොලිස්පතිතුමා ආදී නිලධාරීන් පත් කිරීම, කොමිෂන් සභාවල සභාපති ප්‍රධාන සාමාජිකයන් පත් කිරීම ආදිය සම්බන්ධයෙන් තමා සතුව ඇති බලතල අත්හැරීමට අවංක චේතනාවෙන් විසි දෙවන සංශෝධනය ගෙන එනවා නම් ඒ සම්බන්ධයෙන් එතුමාට මේ රටේ ජනතාව ගේ ප්‍රසාදය හිමිවනවාට කිසිම සැකයක් නෑ.




එහෙත්, අද මේ සභාවට පළමු වන වර ඉදිරිපත් කළ විසිදෙ වන සංශෝධනයෙහි, දහනව වන සංශෝධනයේ තිබුණ, අප දකින ආකාරයට නම් දුර්දාන්තම සංශෝධනයක් නැත්නම් වගන්තියක් ඇතුලත් ව තිබීම අතිශයෙන් ම කණගාටුදායක බව නොකියා ම බෑ.

ඊට පෙර ගරු අධිකරණ ඇමතිතුමා ඉදිරිපත් කළ විසි දෙවන සංශෝධන කෙටුම්පතට ඇතුලත් නොවූ වගන්තියක් නැවතත් ඇතුල් කොට තිබෙනවා. ඒ තමයි ජාතික රජයක් ගොඩ ගොඩනැඟීම මඟින්, ඇමතිවරුන් සංඛ්‍යාව සඳහා වන සීමාව ඉවත් කිරීමට ප්‍රතිපාදන සැලසීම.

 

එදා යහපාලන රජය දුන් ප්‍රතිඥාවක් අනුව, ජනතාව ගේ බලකිරීම මත කැබිනට් ඇමතිවරුන් ගේ සංඛ්‍යාව 30කටත් ඒ වගේම රාජ්‍ය හා නියෝජ්‍ය ඇමතිවරුන් ගේ සංඛ්‍යාව 40කටත් සීමා කරමින් එදා දහනව වන සංශෝධනයේ ඇතුළත් කෙරූ ප්‍රතිපාදනය ඉක්මවා යෑම සඳහා ඊට ම ඇතුළත් කර තිබූ ජාතික රජයක් සාදන්නේ නම් ඒ ඇමති ධූර සංඛ්‍යාව කැමති පරිදි වැඩිකරගැනීමට තිබූ ප්‍රතිපාදනය නැවතත් මේ විසිදෙ වන සංශෝධනයට ද ඇතුළත් කර තිබෙනවා.

 

නැවතත් මේ දූෂිත සමාජ ක්‍රමය ම ඉදිරියට ගෙන යෑමට දරන ප්‍රයත්නයක් ද ?

 

දුෂ්කරතාවන්ට මුහුණදීමට ජාතික රජයන් සෑදීමේ දි කළ යුත්තේ අමාත්‍ය මණ්ඩලය පුළුල් කිරීම ද? නැතිනම් තවදුරටත් සීමා කිරීම ද?

පැසිස්ට් තර්ජනයට මුහුණදීමට මහා බ්‍රිතාන්‍යයේ චර්චිල් අගමැතිවරයා පිහිටවූ යුධ කැබිනට්ටුවේ සාමාජිකයන් සංඛ්‍යාව කීය ද? ආරම්භයේ දී පස් දෙනෙක්; පසුව අට දෙනෙක්.

දැන් මේ මඟින් කියැවෙන්නේ, අප මේ අවස්ථාවේ රටක් හැටියට මුහුණ දෙන මේ අභියෝගයන්ට අවංකව කැපවීම මත මේ පාර්ලිමේන්තුවේ සියලු කොටස් එක් කරගෙන මුහුණදීමට දරණ ප්‍රයත්නයක් ගැන ද?

එසේත් නැතිනම් විවිධ වරදාන, වරප්‍රසාද පිරිනමා විවිධ පුද්ගලයින් දිනා ගනිමින් නැවතත් මේ දූෂිත සමාජ ක්‍රමය ම ඉදිරියට ගෙන යෑමට දරන ප්‍රයත්නයක් ගැන ද?


විසි දෙ වන සංශෝධනයට මේ වගන්තිය ඇතුළත් කිරීමෙන් කියැවෙන අරමුණ කුමක් ද?  


ජනාධිපතිතුමා අවංකව කටයුතු කරන නමුත් එතුමා ලෝකය දෙස බලන්නේ, රට දෙස බලන්නේ, මේ පාර්ලිමේන්තුව දෙස බලන්නේ, සමාජයත් එක්ක කටයුතු කිරීමේ දී විවිධ අය දිනාගත හැක්කේ, ඔවුන් ගේ සහයෝගය ගත හැක්කේ ඔවුන් වෙත තනතුරු ප්‍රදානය කොට, නැතිනම් අයථා ආදායම් මාර්ග ප්‍රදානය කොට, නැතිනම් ඔවුන් දූෂණයට පොළඹවා ය යි කියා ද?

එ සේ නම්, අපේ රටේ අනාගතය ඉතා අඳුරු වනු නිසැක යි.

 

එසේ වුවහොත් අද ප්‍රසංශාවට බඳුන්වන ජනාධිපතිතුමා ගේ ප්‍රතිපත්ති දේශනය, ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා ගේ ධර්මිෂ්ඨ සමාජය පිළිබඳ අදහස මෙන් ම පිළිකුලට හා ද්වේෂයට බඳුන් වන්නක් වීමට වැඩි කාලයක් ගත නොවනු ඇත.

 

අද අප පත්ව ඇති ඛේදනීය තත්ත්වයෙන් මුදා ගැනීමට මේ ආකල්පය කිසිලෙසකින් වත් උපකාරී නොවන බව ප්‍රකාශ කරමින්, මේ ගැන නැවත සිතා බලන ලෙස ජනාධිපතිතුමා ගෙන් හා අගමැතිතුමා, අධිකරණ ඇමැතිතුමා ඇතුළු සියලු දෙනා ගෙන් ම ඉල්ලා සිටීමට කැමැති යි.

මේ අවංකත්වය හා කැපවීම මත අප රට පත් ව ඇති තත්ත්වයෙන් මුදාගැනීම සඳහා එකමුතු ව කටයුතු කළ යුතු මොහොතක් බව අවබෝධ කරගෙන, ඒ අනුව කටයුතු කරන ලෙස ඉල්ලා සිටිමින් මගේ මේ අදහස් දැක්වීම අවසන් කිරීමට කැමති යි.

අසත්‍ය මාර්ගයෙන් සත්‍ය මාර්ගයට අපව යොමු කරනු මැන! ?




කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්