ආණ්ඩු විරෝධී අරගලය හමුවේ ශ්‍රී ලංකාවෙන් පලාගිය හිටපු ජනාධිපති ගෝඨාභය
රාජපක්ෂ අද (11) එරට වේලාවෙන් රාත්‍රී 8.15 පමණ බැංකොක් නුවර දොන් මුආන්ග් ජාත්‍යන්තර ගුවන් තොටුපලින් තායිලන්තයට ගොඩ බැස තිබේ.
වීසා කල් ඉකුත් වන සිංගප්පුරුවේ සිට ඔහු සිය බිරිඳ අයෝමා සමගින් පැමිණ ඇත්තේ පුද්ගලික ගුවන් යානයකින් බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
ඔහුට රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රයක් ඇති හෙයින් තායිලන්තයේ රැඳී සිටිය හැකි වන්නේ දින 90 ක කාලයක් පමණක් බව එරට විදේශ අමාත්‍ය දොන් ප්‍රමුද්විනායි පවසා ඇත.
ඩේලි මිරර් නියෝජ්‍ය කතුවරිය ජමිලා හුසේන් පවසන පරිදි හිටපු ජනාධිපතිගේ ගුවන් ගමන් වියදම් දරා ඇත්තේ ඔහුගේ පුත්‍ර මනෝජ් සහ නම් නොකළ වෙළෙඳ ව්‍යාපාරිකයකු විසිනි.
ඒ තොරතුර තහවුරු කිරීමට මූලාශ්‍ර ඇය විසින් දක්වා නැත.
ගෝඨාභය රාජපක්ෂට මානුෂීය හේතුන් මත තායිලන්තයට පැමිණීමට ඉඩ ලබාදුන් බවත්, ඔහු වෙනත් රටක ස්ථිර රැකවරණ සොයන අතරතුර තායිලන්තයේ රැඳී සිටින කාලය තුළ කිසිඳු දේශපාලන කටයුත්තක් නොකරන බවට පොරොන්දු වූ බවත් තායිලන්ත අගමැති ප්‍රයුත් චාන් ඕ චා මාධ්‍ය වෙත පවසා තිබේ.
{gallery}gOTABAYA{/gallery}
ජූලි 09 වැනිදා ගාලු මුවදොර ඇතුලුව රටපුරා ඇති වූ දැවන්ත ජන අරගලය හමුවේ බලයෙන් පහ කෙරුණු ගෝඨාභය රාජපක්ෂ ජූලි 13 වැනිදා අලුයම ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් යානයකින් මලදිවයින බලා පිටත්ව ගියේය.
ඒ සිය බිරිඳ හා ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු සමඟය.
ඊට පසුදින ඔහු සෞදි ගුවන් සේවයට අයත් යානයකින් සිංගප්පුරුවට පැමිණියේ තාවකාලික සංචාරක වීසා බලපත්‍රයක් මතය.
ගෝඨාභය රාජපක්ෂට සිංගප්පූරුවේ රැඳී සිටීමට ලබා දී තිබූ කෙටි කාලීන සංචාරක බලපත්‍රය කල් ඉකුත් වීමෙන් පසු අද සවස සිංගප්පූරු සෙලෙටාර් ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් තායිලන්තය බලා පිටත්ව ගිය බව සිංගප්පූරු බලධාරීන් ප්‍රකාශ කළේය.
(සේයා රොයිටර්ස්/Tananchai Keawsowattana)
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.