අරගලය තුළ ද ප්‍රභූ පංතිය ක්‍රියාත්මක කළ කුමන්ත්‍රණය නිසා නිර්ප්‍රභූ

පත්තියට නැවත බලය ඒම වලක්වමින් අගෝස්තු 9 වැනිදා අරගලයට ගෙදර යෑමට සිදුවූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිසංස්කරණ කණ්ඩායමේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා පැවසීය.

රනිල් වික්‍රමසිංහ සහ බැසිල් රාජපක්‍ෂ ඇතුළු ප්‍රභූ පංතිය ක්‍රියාත්මක කළ කුමන්ත්‍රණය නිසා නිර්ප්‍රභූ පංතිය පරාජය වූ බවත් ඔහු සඳහන් කළේය.

එම ප්‍රභූ පංතිය විවිධ ආකාරයෙන් ඔවුන්ගේ දේශපාලන වැඩපිළිවෙළ ආරම්භ කර ඇති බව කී ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා, ශ්‍රී ලංකා ඉතිහාසයේ කිසිඳු දිනක නොදැක්ක දේශපාලන ක්‍රියාවලියක් ක්‍රියාත්මක වන බව ද සඳහන් කළේය.

හදිසි නීතිය යොදා ජනතාවට ඇත්ත දැනගැනීමට ඇති සමාජ මාධ්‍ය ජාලා මර්දනය කරමින් ආණ්ඩුවට විරුද්ධ බලවේග මර්දනය කරමින් සිටින බවත් මර්දනයේ දෙවැනි පියවර ලෙස මුද්‍රිත මාධ්‍ය ඇතුළු සෙසු මාධ්‍යයත් මර්දනය කරන බවත් ඩිලාන් පෙරේරා කීය.  



මැයි මස 9 වැනිදා මහින්ද රාජපක්‍ෂ ද, ජූනි මස 9 වැනිදා බැසිල් රාජපක්‍ෂ ද, ජූලි මස 9 වැනිදා ගෝඨාභය රාජපක්‍ෂ  ද,  අගෝස්තු මස 9 වැනිදා අරගලය ද, ගෙදර යෑම අපේ රටේ පසුගිය මාස හතරේ දේශපාලන ක්‍රියාවලියේ සාරාංශය බව ඩිලාන් පෙරේරා පැවසිය.



මැයි 9 වැනිදා පෙරවරු 9.00 ට මහින්ද රාජපක්‍ෂ මහත්මයා ඉල්ලා අස්වූයේ නම් එදින වූ ලේ වැගිරීම නොවෙන්නත්, බැසිල් රාජපක්‍ෂ මහත්මයා ජූනි 9 වැනිදා පෙර ඉල්ලා ඉස්වූයේ නම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේම අගමැතිවරයෙක් එක්ක අරගලය ඉල්ලූ සර්ව පාක්‍ෂික ආණ්ඩුව නිර්මාණය කිරීමේ අවස්ථාව තිබුණු බවත් ඔහු සඳහන් කළේය.  

ගෝඨාභය රාජපක්‍ෂ ජූලි 9 වැනිදා වන තෙක් නොසිට රනිල් වික්‍රමසිංහ වෙනුවට සියලු දෙනා ඉල්ලූ අගමැතිවරයෙක් පත්කර සර්ව පාක්‍ෂික ආණ්ඩුව හැදුවේ නම් ජනතාවගේ ඡන්දයෙන් පත්වූ ජනාධිපතිවරයෙක් තවමත් රට පාලනය කරන බව ද ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා  කොළඹදී අද (11) විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් එසේ පැවසීය.

මෙම මාධ්‍ය හමුවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිසංස්කරණ කණ්ඩායමේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රීන් වන වෛද්‍ය උපුල් ගලප්පත්ති, නීතිඥා වසන්ත යාපා බණ්ඩාර සහ වෛද්‍ය තිලක් රාජපක්‍ෂ යන ඇතුළු පිරිසක් සහභාගී වූහ.



ගාලු මුවදොරින් අරගලය අවසන්ද?


DDDDRවිරෝධතාකරුවන් විසින් ගාලුමුවදොර ඉදිකර තිබු 'ගෝඨා ගෝ ගම' ගම්මානය

ශ්‍රී ලංකා ඉතිහාසයේ පෙරනොවූ විරූ සමාජ, දේශපාලනික පරිවර්තනයක් කිරීමට අරගලයට හැකිවිය. ඒ හැටනව ලක්ෂයක් වැනි අති විශාල ඡන්ද සංඛ්‍යාවක් ලබාගත් ඉතා බලගතු සේ සැලකු ජනපති ගෝඨාභය රාජපක්ෂ බලයෙන් පහකිරීම, විශාල ජනප්‍රසාදයක් හිමිව තිබූ මහින්ද රාජපක්ෂ අගමැතිකමින් නෙරපීම ඇතුලුව සමස්ත ආණ්ඩු පෙරලියක් ඇතිකිරීමට සමත් වීමයි.

මාස හතරකට වැඩි කාලයක් පවත්වාගෙන ගිය ගාලු මුවදොර 'ගෝඨා ගෝ ගම' අරගල භූමියෙන් ඉවත් වීමට අරගලයේ නිරත ක්‍රියාකාරින්ගෙන් බහුතරයක් තීරණය කර ඇත. ඒ අනුව අරගලය මෙතැනින් අවසන්ද? නැතහොත් එහි අනාගතය කොයිබටද? යන්න පිළිබඳව බොහෝ ශ්‍රී ලාංකිකයින්ට ඇත්තේ කුකුසකි.


අරගලයෙන් මොකද වුණේ..?

මෙය ශ්‍රී ලංකා ඉතිහාසයට එක්වන ජන අරගලයක් වන්නේ සියලු බලතල වලින් සමන්විත විධායක ජනාධිපතිවරයෙකු ගෙදර යැවූ පළමු අවස්ථාව නිසාවෙනි.


විධායක ජනාධිපතිවරයෙකු මෙන්ම සේනාධිනායකයා වූ ගෝඨාභය රාජපක්ෂට කොටුව ජනපති මන්දිරයේ පස්ස දොරෙන් පළා ගොස් රටන් පිටව යෑමට තරම් ජනතා අරගලය බලගතුවිය. ඒ තවත් වසර දෙකක් ඔහුට ධුරය දැරීමට හැකියාව තිබියදීය.

තුනෙන් දෙකකට වැඩි බහුතර බලයක් සහිත පොදුජන පෙරමුණු ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ කැබිනට් අමාත්‍යවරුන් ඉල්ලා අස්වීමටත්, එක් මන්ත්‍රී ධුරයක් ඇති එක්සත් ජාතික පක්ෂයේ නායකයාට අග්‍රාමාත්‍ය ධුරය භාර ගැනීමටත්, එතැනින් ජනාධිපති ධුරය දක්වා පැමිණිමටත් ඉඩහසර වෙන්වූයේ ද අරගලය හේතුවෙනි.

මෙරට ජනප්‍රසාදයට පත් නායකයෙකු වන මහින්ද රාජපක්ෂට හා ඔහුගේ පවුලේ කිසිදු රාජපක්ෂවරයෙකුට කැබිනට් මණ්ඩලයේ ඉඩක් වෙන් නොවන තරමටම අරගලය බලගතුවිය.ඒ සියලු බලයන් අභිබවා ජනතාවගේ බලය ඉහළින්ම ඇති බවට යළි යළිත් සාක්ෂි සපයමිනි.

CFGDF
අන්තරෙන් අනතුරු ඇඟවීමක්?

මේ අතර අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ කියා සිටියේ ව්‍යවස්ථාදායකයේ, විධායකයේ බලය ජනතා බලය ඉදිරියේ අභියෝගයට ලක්කළ අරගලයක් බවට මෙම අරගලය පත්වූ බවයි.

"නිශ්චිතවම මේ අරගලයේ ඇතුලේ තීරණාත්මක සටන් පාඨයක් තමා ගෝඨාභය රාජපක්ෂ යන්න ඕනේ වගේම, ගෝඨාභය රාජපක්ෂලා ආරක්ෂා කරන්න ආපු රනිල් වික්‍රමසිංහ එළවන්න ඕනේ. රනිල් වික්‍රමසිංහ ජනාධිපති කමින් අයින් කරන්න ඕනේ." ඔහු කියා සිටියේය.

වසන්ත මුදලිගේ අවධාරණය කළේ "අපි රනිල් වික්‍රමසිංහලාට කියනවා, ගාලුමුවදොර අරගලකරුවෝ ගෝල්ෆේස් පිටියෙන් ඉවත්වුණා කියලා වැඩිපුර සතුටුවෙන්න එපා. ඒ මොකද ඒ ඉවත්වීම කියලා කියන්නේ අරගලය නතර කිරීමක්වත්, අරගලයෙන් ඉවත්වීමක් නෙමේ."

"ගාලුමුවදොර පිටියෙන් විතරයි අයින් වෙන්නේ. හැබැයි ගාලුමුවදොර පිටියෙන් අයින් වුණාට අපිට අවශ්‍ය නම් අපිට ඕනෑම වෙලාවක නැවත එනවා ඔය කියන ඕනෑම ගොඩනැගිල්ලක් අතපත් කර ගැනීම සඳහා අපි රටේ ජනතාවත් එක්ක එනවා."

"ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා වැඩිපුර සතුටු වෙන්න එපා. මර්දනය කරා කියලා හිතන්න එපා. මේ අරගලයේ දිශානතිය විතරයි අපි වෙනස් කරන්නේ.අරගලයේ මාදිලිය විතරයි අපි වෙනස් කරන්නේ."

 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

ඇට මැස්සා