දේශපාලඥයින්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමේ නීති සංශෝධනය කිරීමට අධිකරණ අමාත්‍යාංශය තීරණය කර තිබේ.



අධිකරණ හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය, විජේදාස රාජපක්ෂ සඳහන් කළේ ඒ අනුව වඩාත් විනිවිධ භාවයෙන් ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට නව පනත් කෙටුම්පතක් ගෙන එන බවයි.

මීට සමගාමීව දැනට පවතින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සභාව වෙනුවට වැඩි බලතල සහිත නව කොමිෂන් සභාවක් ස්ථාපිත කිරීමටද නීති සම්පාදනය කර ඇති බව අමාත්‍යවරයා පැවසුවේ ය.

එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී ප්‍රඥප්තියට අනුගත වෙමින් එම කටයුතු සිදු කරන බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කළේ ය.

(newsfirst.lk)

 

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්