theleaderlk 01

යුද සමයේත් ඉන් පසුවත් අතුරුදහන් කරාන ලද දස දහස් සංඛ්‍යාත දෙමළ ජනතාවගේ ඉරණම හෙළි කරගන්නා

පිණිස උතුරු නැගෙනහිර අම්මාවරුන්ගේ නායකත්වයෙන් දියත් කරන ලද අරගලයට දින 2000ක් පිරෙන අද දිනයේ පාර්ලිමේන්තුවේද ඊට සහාය පල කරමින් විරෝධතාවක් පැවැත්වුනි.

එම අරගලයේ යෙදී සිටියදී මියගිය සියයකට අධික පිරිස සම්බන්ධයෙන් ආණ්ඩුව වගකිව යුතු බවටද දෙමළ ජාතික සන්ධානය විසින් එහිදී චෝදනා කරන ලදී.

උතුරු නැගෙනහිර දිස්ත්‍රික්ක අටේ යුද පීඩිත ජනතාව කිලිනොච්චියට එක්වී යුක්තිය නොලද දහතුන් අවුරුද්දක ශෝකය හා කෝපය පළකරද්දී කොළඹ දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු සභා ගර්භයේ නැගී සිටි වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විනෝ නෝහරාදලිංගම් අතුරුදහන් කරන ලද්දවුන් සම්බන්ධයෙන් සත්‍යය හෙළි නොකිරීම ගැන ආණ්ඩුව හෙලා දකිමින් කතා කළේය.

"මේ අහිංසාවාදී අරගලයේ සටන් වැදුනු එකසිය විස්සකට වැඩි ගණනක් රෝගාතුර වෙලා මැරිලා තියෙනවා. මේ මරණ අමතක කරන්න බෑ. ඒවාත් ආණ්ඩුව විසින් කරන ලැද ඝාතන ලෙස සලකන්න ඕනේ. එවා මිනීමැරීම්. ආණ්ඩුව ඒවාට වග කියන්න ඕනෑ."

නොහරාදලිංගම් මන්ත්‍රීවරයා සිය කතාව පවත්වන අවස්ථාවේ සෙසු දෙමළ මන්ත්‍රීවරුන් සටන් පාඨ රගත් පුවරු ඔසවාගෙන නැගී සිට උද්ඝෝෂණය කළහ.
 

 

 

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

නවතම පුවත්