1200 x 80 DMirror

සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, දෙමළ ජාතික සන්ධානය

දේශපාලන පක්ෂ ලෙස ආණ්ඩුවට එක් නොවීම නිසා සර්ව පාක්ෂික ආණ්ඩුවක් බිහි කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බව ආණ්ඩුවේ ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ නිසා සර්වපාක්ෂික ආණ්ඩුවක් වෙනුවට සර්ව පාක්ෂික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමු වී තිබේ.

ජනාධිපතිවරයා මේ වන විට පාර්ලිමේන්තුව නියෝජනය කරන ජාතික ජන බලවේගය හැර සියලු දේශපාලන පක්ෂ සමග සාකච්ඡා පවත්වා යෝජනා ලබා ගෙන ඇත.

අගමැතිවරයාගේ ප්‍රදානත්වයෙන් තවත් සාකච්ඡාවක් සිකුරාදා (12 ) පාර්ලිමේන්තුවේදී පැවැති අතර එයද විසඳුමකින් තොරව අවසන් වී තිබේ.

ජනාධිපතිවරයා සමග සාකච්ඡා කළ ඇතැම් දේශපාලන පක්ෂ ඇමැතිධුර ලබා ගැනීමටද, ඇතැම් පක්ෂ ඇමැතිධුර ලබා නොගෙන සහයෝගය දැක්වීමටද එකඟත්වය පළ කර තිබේ. ඇතැම් දේශපාලන පක්ෂ පිටත සිට සහයෝගය ලබා දීමට නියමිතය. මේ පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආණ්ඩු පක්ෂ මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදීද කරුණු පැහැදිලි කර ඇත.

පක්ෂ විසින් ලබා දුන් යෝජනා සෑම පක්ෂයකටම ලබා දෙන අතර ඉන් පසු ලබන සතියේදී අදහස් ලබා ගනිමින් වැඩපිළිවෙළ සකස් කිරීමටද සැලසුම් කර තිබේ.

පවතින ආණ්ඩුවේ ඇමැති ධුර දහ අටක් මේ වන විට පත් කර ඇත. දේශපාලන පක්ෂවලින් වෙන් වෙන් වශයෙන් මන්ත්‍රිවරු පැමිණීම නිසා ඇමැතිධුර, රාජ්‍ය ඇමැතිධුර සංඛ්‍යාවද ඉහළයා හැකිය. කෙසේ වෙතත් රාජ්‍ය ඇමැතිවරුන් ලබන සතියේදී දිවුරුම් දීමටද සැලසුම් කර තිබේ.

සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨයින් ඇතුළු මන්ත්‍රිවරු පහළොවකට වැඩි සංඛ්‍යාවක් ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළට සහයෝගය දැක්වීමට සූදානමින් සිටිති.

(aruna.lk)

 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය