අද වන විට රට තුළ පවත්නා ස්ථාවරත්වයත්, බංකොලොත් බවත් හේතු කොටගෙන බලවත් රටවල ගොදුරු බිමක් බවට ලංකාව පත් ව ඇතැයි විපක්ෂ

නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

මේ හරහා ජාතික ආරක්ෂාව පවා අර්බුදයකට ලක්ව ඇතැයි කී විපක්ෂ නායකවරයා, රාජපක්ෂලා විසින් මේ රටේ කොඳු නාරටිය කඩා දැමූ බවද පැවසීය.

2019 ජනාධිපතිවරණයේදී "සමගි මාවත" වෙනුවට "වැරදි මාවත" තෝරා ගැනීමේ ඛේදවාචකයට අද රට මුහුණ දී ඇති බව පැවසූ විපක්ෂ නායකවරයා, මේ රට ගොඩනැගීමේ හැකියාව ඇත්තේ සමගි ජන බලවේගයට බවද අවධාරණය කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසමේ බව පවසා සිටියේ ඊයේ (13) හෝමාගම ආසනයේ පක්ෂ ක්‍රියාකාරීන්ගේ රැස්වීමක් අමතමිනි. හෝමාගම ආසනයේ සමගි ජන බලවේගයේ ප්‍රධාන සංවිධායක නීතිඥ එරන්ද වැලිඅංගේ විසින් එම රැස්වීම සංවිධානය කොට තිබුණි.

වර්තමාන ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ පත්වීම ව්‍යවස්ථානුකූලව නිවැරදි වුවත්, පිළිගැනීම අතින් සහ ජනමතය අතින් එය සහමුලින්ම විකෘතියක් බව ද විපක්ෂ නායකවරයා පැවසීය.

 

අතීතයට වඩා වර්තමානය සහමුලින්ම වෙනස් බව පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, එදා බොහෝ විට දේශපාලන තීන්දු තීරණ ගැනීමේදී ප්‍රමුඛතාවය හිමි වුණේ වැඩිහිටියන්ට වුවත් අද වන විට තරුණ පරපුර නිවස තුළ පවා එය හිමි කරගෙන ඇතැයි පැවසීය.

 

මැතිවරණයකදී තීන්දු තීරණ ගැනීම පිළිබඳ නිවස තුල බලපෑම් කරනු ලබන්නේ තරුණ ප්‍රජාවගේ සිතුම් පැතුම් මගින් බව පැවසූ විපක්ෂ නායකවරයා, ඔවුන්ගේ සිතුම් පැතුම් අවබෝධ කොට ගැනීම පාලකයින්ගේ වගකීමක් බවද සඳහන් කළේය.

තමන්ගේ අත්වල ලේ තැවරී නැති බවත්, තමන්ගෙ පොත් වල බැංකු කැඩූ සල්ලි නැති බවත්, තමන් තුළ කුහකකම නැති බවත් පැවසූ සජිත් ප්‍රේමදාස, කණ්ඩායමක් ලෙස එකට එක්වී රට ගොඩ නඟන අභියෝගය භාරගන්නා බව ද පැවසීය.

aa 1aa 2aa 3aa 4aa 5299427740 617346503084919 7364737731754173791 n299146348 617346569751579 3080114772705025191 n299375940 617346519751584 3861696407598085676 n

 

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 


 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්