ගෝලීය ශ්‍රේණිගත කිරීම් සමාගමක් වන එස් ඇන්ඩ් පී සමාගම  (S&P) ශ්‍රී ලංකාවේ බැඳුම්කරවල ශ්‍රේණිගත කිරීම

'ඩී' දක්වා පහත දැමූ බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළේය.

ඒ මේ වන විට ශ්‍රී ලංකාව විසින් නිකුත් කර ඇති බැඳුම් බැඳුම්කර සඳහා පොලී සහ මූලික ගෙවීම් මග හැරීම හේතුවෙනි.

'ඩි' ශ්‍රේණි ගත කිරීමෙන් අදහස් කරන්නේ ශ්‍රී ලංකාව බැඳුම්කර සඳහා මුදල සහ පොලිය ගෙවීම පැහැර හරින බවයි.

මෙම වසර මුලදී බැඳුම්කර සඳහා ගෙවීම් පැහැර හරින ලද ශ්‍රී ලංකාව පුද්ගලික ණය හිමියන්ගෙන් මේ දක්වා ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 12 ක මුදලක් ණයට ගෙන තිබෙන බව රොයිටර්ස් පුවත් සේවය පෙන්වා දුන්නේය.

එස් ඇන්ඩ් පී සමාගම බැඳුම්කර සඳහා ලබා දෙන පහළම ශ්‍රේණිය 'ඩි' වේ.



ආයෝජකයින්ගේ අවධානය දිනා ගැනීමට ඉහල පොලී අනුපාතයක් පිරිනමනු ලැබුවත් 'ඩි' ශ්‍රේණියේ බැඳුම්කර ඉහල අවදානමක් සහිත ආයෝජන කලාපයට අයිති වේ. 'ඩි' ශ්‍රේණියේ බැඳුම්කරවල ඉහල අවදානමක් තිබීම හේතුවෙන් එහි ආයෝජනය කිරීමට ඇතැම් ආයෝජකයන් අකමැත්තක් දක්වයි.

 

ශ්‍රී ලංකාව මේ වන විට නිදහසින් පසු ඉතිහාසයේ ඔවුන් මුහුණ දුන් බරපතලම මූල්‍ය අර්බුදයට ලක්ව සිටින බව පෙන්වා දෙන ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් (S&P) වර්ගීකරන ආයතනය පෙන්වා දෙන්නේ, රජය ඔවුන්ගේ නියමිත දිනට පසු දින 30ක් ඇතුළත බැඳුම්කර ගෙවීම් සිදු කරනු ඇතැයි අපේක්ෂා නොකරන බවයි.

S&P ශ්‍රේණිගත කිරීමේ නියෝජිතායතනය ශ්‍රී ලංකාව පිළිබඳ එහි දිගු කාලීන සහ කෙටි කාලීන විදේශ මුදල් ස්වෛරී ශ්‍රේණිගත කිරීම් හරහා තහවුරු කර ඇත්තේ 'සෘණ' ඉදිරි දැක්මකි.

එමෙන්ම ශ්‍රී ලංකාව දේශීය හා විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමත් සමග ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) ඩොලර් බිලියන 3 ක අරමුදල් ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් අගෝස්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ නැවත සාකච්චා ආරම්භ කිරීමට නියමිතය.

එම වාර්තාව මෙතනින්

 

 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්