ජාතික ක්‍රීඩා සභාවේ වත්මන් සභාපතිවරයා මෙන්ම හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයකු වන

අර්ජුන රණතුංග ගෙන් රුපියල් බිලියන දෙකක් හෙවත් රුපියල් කෝටි 200 ක වන්දියක් ඉල්ලා සිටීමට එන්තරවාසියක් යැවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව අද (15) පස්වරුවේ තීරණය කර ඇත.

අර්ජුණ රණතුංග වෙත මෙම එන්තරවාසිය යැවීමට තීරණය කර ඇත්තේ, පසුගියදා දෙරණ 'බිග් ෆෝකස්' වැඩසටහනකට සහභාගී වෙමින් ඔහු කළ ප්‍රකාශයන්ට එරෙහිවය.

එම රූපවාහිනී වැඩසටහනේ දී අර්ජුන රණතුංග විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු සාමාජිකයන්ගේ කීර්තිනාමයට හානි වන ලෙස ප්‍රකාශයන් කර ඇති බවට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කළ බවත් ඒ අනුව රණතුංගට එරෙහිව නීතිමය කටයුතු කිරීමට තීරණය කළ බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය උසස් නිළධාරියෙකු පැවසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සහ එහි සාමාජිකයන්ගේ කීර්තිනාමයට හානි වන ලෙස කළ ප්‍රකාශ සම්බන්ධයෙන් ඒ මහතාගෙන් රුපියල් කෝටි 200ක වන්දි ඉල්ලා සිටීමට තීරණය කළ බව කී එම නිලධාරියා, ප්‍රධාන රූපවාහිනී නාලිකාවක සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වෙමින් රණතුංග මෙම ප්‍රකාශය කළ ඇති බවද සදහන් කළේය.

 
 

 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්