theleaderlk 01

රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල හා රජය සතු ව්‍යවසාය ආයතනවල සභාපති සහ අධ්‍යක්ෂ තනතුරු සඳහා නව පත්කිරීම් සිදු කිරීමේ දී හෝ වෙනස්

කිරීමේ දී පූර්ව අනුමැතිය ලබා ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් කමිටුවක් පත් කර තිබේ.

ජනාධිපති ලේකම් සමන් ඒකනායකගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස අග්‍රමාත්‍ය ලේකම් අනුර දිසානායක, අමාත්‍ය මණ්ඩල ලේකම්  ඩබ්ලිව්.එම්.ඩී.ජේ. ප්‍රනාන්දු යන මහත්වරු කටයුතු කරති.

කමිටුවේ ලේකම්වරයා ලෙස ජනාධිපති අතිරේක ලේකම් චමින්ද කුලරත්න පත් කර ඇත.

රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල හා රජය සතු ව්‍යවසාය ආයතනවල සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩල තනතුරු වෙනස් කිරීමට අවශ්‍ය නම් සාධාරණීකරණය කළ හැකි හේතු සහිතව නාම යෝජනා ඉහත කමිටුවට ඉදිරිපත් කර පූර්ව අනුමැතිය ලබා ගැනීම අනිවාර්යය කර තිබේ.

පූර්ව එකඟතාවකින් තොරව රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල හා රජය සතු ව්‍යවසාය ආයතනවල සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩල තනතුරු වෙනස් කිරීමට විටින් විට ජනාධිපති වෙත කෙරෙන ලිඛිත ඉල්ලීම් සහ ඇතැම් අවිධිමත් පත්කිරීම් පිළිබඳ අවධානය යොමු කරමින් මෙම කමිටුව පත් කර තිබේ.

මේ පිළිබඳව ජනාධිපති ලේකම්ගේ අත්සනින් යුතුව සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්ට සෘජුව ලිපියක් යොමු කර ඇති අතර, ඒ සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය වෙනුවෙන් අග්‍රාමාත්‍ය ලේකම් හා මුදල්, ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයට පිටපත් යොමු කර තිබේ.

 

IMG 9653 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

නවතම පුවත්