ඉන්දියානු ජාතිකයෙකු වසර 22කට පමණ පෙර දුම්රිය ප්‍රවේශ පත්‍රයක මිල සම්බන්ධයෙන් ගොනුකළ නඩුවක් ජයගෙන තිබේ.



නීතිඥ තුංගනාත් චතුර්වේදී 1999 දී මිල දී ගත් දුම්රිය ප්‍රවේශපත්‍ර දෙකක් සඳහා ඔහුගෙන් ඉන්දියානු රුපියල් 20ක් වැඩිපුර අයකර තිබුණි.

උතුරු ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ මථුරා කැන්ටූන්මන්ට් දුම්රිය ස්ථානයේ දී මෙය සිදුව තිබේ.

පාරිභෝගික අධිකරණයක් පසුගිය සතියේ දී චතුර්වේදීට පක්ෂව තීන්දුවක් දුන් අතර, එම මුදල පොලිය සමඟ ආපසු ගෙවන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුවට ප්‍රකාශකර සිටියේ ය.

vgnjfghfg

"මම මේ නඩුවට අදාළව නඩු වාර 100කට වඩා වැඩි ප්‍රමාණයකට සහභාගි වී තිබෙනවා," 66-හැවිරිදි චතුර්වේදී BBCයට පවසයි. "නමුත් මේ වෙනුවෙන් මට වැයවුණු මහන්සිය සහ කාලය සඳහා මිලක් නියම කරන්න බැහැ."

ඉන්දියාවේ පාරිභෝගික අධිකරණයන් විශේෂයෙන් කටයුතු කරන්නේ සේවාවන් හා බැඳි පැමිණිලි සම්බන්ධයෙනි. නමුත් ඔවුන් වෙත බොහෝ නඩු පැමිණෙන බැවින් ඇතැම් සරල නඩු විසඳීමට පවා වසර ගණනාවක් ගතවිය හැකි ය.


උත්තර් ප්‍රදේශ්හි වෙසෙන චතුර්වේදී මථුරා නගරයේ සිට මොරාදාබාද් දක්වා ගමන් කිරීම සඳහා ප්‍රවේශපත්‍රයක් මිල දී ගැනීමේ දී, ප්‍රවේශපත් කවුළුවේ නිලධාරියා ඔහු මිල දී ගත් ප්‍රවේශපත්‍ර දෙක සඳහා වැඩි මුදලක් අයකර තිබුණි.


එම ටිකට්පතක මිල රුපියල් 35ක් වූ නමුත්, ඔහු රුපියල් 100ක් දුන් විට ප්‍රවේශපත් කවුළුවේ සිටි නිලධාරියා රුපියල් 10ක ඉතිරි මුදල් ලබාදී ඇත්තේ ටිකට්පත් සඳහා රුපියල් 70ක් වෙනුවට රුපියල් 90ක් අය කරමිනි.

ඔහු තමාගෙන් වැඩිපුර මුදලක් අයකර ඇතැ යි නිලධාරියාට කී නමුත්, චතුර්වේදීට ඒ අවස්ථාවේ දී එම මුදල් ආපසු නොලැබුණි.

එබැවින් ඔහු ඉන්දීය දුම්රිය දෙපාර්තමේන්තුවේ කොටසක් වන ඊසානදිග දුම්රිය දෙපාර්තමේන්තුවට (ගෝරක්පූර්) සහ ප්‍රවේශපත් කවුළුවේ නිලධාරියාට එරෙහිව මථුරාහි පාරිභෝගික අධිකරණයක නඩුවක් ගොනු කිරීමට තීරණය කළේ ය.

ඉන්දීය අධිකරණයේ මන්දගාමී බව නිසා තමාට ඒ සඳහා වසර ගණනාවක් ගතවූ බව ඔහු පැවසුවේ ය.

"දුම්රියට එරෙහි පැමිණිලි යොමුකළ යුත්තේ දුම්රිය විනිශ්චය සභාවක මිස පාරිභෝගික උසාවියකට නොවන බව කියමින් දුම්රිය දෙපාර්තමේන්තුවත් නඩුව නිෂ්ප්‍රභ කරන්න උත්සාහ කළා," චතුර්වේදී පැවසීය.

දුම්රිය විනිශ්චය සභාවක් යනු ඉන්දියාවේ දුම්රිය ගමන් සම්බන්ධ හිමිකම් ආවරණය කිරීම සඳහා පිහිටුවා ඇති අර්ධ-අධිකරණමය ආයතනයකි.

"නමුත් අපි 2021 ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් භාවිතා කරලා, පාරිභෝගික අධිකරණයක මෙම කාරණය විභාග කරන්න හැකි බව ඔප්පු කළා," චතුර්වේදී ප්‍රකාශ කළේ ය.

එසේම, විනිසුරුවරුන් නිවාඩු හෝ ශෝක නිවාඩු ලබා සිටීම නිසා නඩු විභාගයන් ප්‍රමාද වන බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

දිගු සටනකින් පසු, ඔහුට ඉන්දියානු රුපියල් 15,000ක (ලංකාවේ මුදලින් රු. 69 000ක් පමණ) දඩයක් ගෙවන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුවට නියෝග කෙරුණි.

1999 සිට 2022 දක්වා කාලය තුළ වසරකට 12% පොළිය ද සහිතව ඉන්දියානු රුපියල් 20ක මුදල ද ආපසු ගෙවන ලෙස අධිකරණය දෙපාර්තමේන්තුවට නියෝග කළේ ය.

දින 30ක කාලයක් තුළ එම මුදල නොගෙවන්නේ නම් පොලී අනුපාතය 15%දක්වා සංශෝධනය කරන බව ද අධිකරණය ප්‍රකාශකර තිබුණි.

නමුත්, තමාට ලැබුණු වන්දිය ඉතා කුඩා එකක් බවත්, මෙම නඩුවෙන් තමාට ඇති වූ චිත්ත සන්තාපය ඉන් පියවෙන්නනේ නැති බවත් චතුර්වේදී කියා සිටියේ ය.


ඔහුගේ පවුල මෙම නඩුව කාලය නාස්ති කිරීමක් ලෙස පවසමින් ඔහු වැළකීමට කිහිප වතාවක්ම උත්සාහ කළ නමුත් ඔහු පසුනොබෑවේ ය. "මුදල් නෙවෙයි වැදගත්. මේක හැම වෙලාවෙම යුක්තිය වෙනුවෙන් කරන සටනක් සහ දූෂණයට එරෙහි සටනක්. ඒ නිසා ඒක වටිනවා," ඔහු පැවසීය.


 "ඒ වගේම, මම නීතිඥයෙක් නිසා මට නීතිඥයෙකුට මුදල් ගෙවීමට හෝ උසාවියට යාමේ වියදම් දරන්න වුණේ නැහැ. එහෙම වුණා නම් ඒක ලොකු වියදමක් වෙන්න තිබුණා."

පුද්ගලයෙකුගේ නිල තනතුර කුමක්වුවත්, "මිනිස්සු ඔවුන්ගේ වැරදි වැඩ ගැන ප්‍රශ්න කිරීමට සූදානම් නම් වැරදි කරලා ගැලවෙන්න බැහැ"යි ඔහු විශ්වාස කරයි.

"සටන අපහසු වුණත් අත් නොහැරිය යුතු යි," පවසන ඔහු කියා සිටින්නේ තමාගේ නඩුව අන් අයට ආදර්ශයක් වනු ඇතැ යි යනුවෙනි.

(BBC සිංහල සේවය )

 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්