1200 x 80 DMirror

දාසය වසරකට පෙර ශ්‍රීලංකා ගුවන් හමුදාව විසින් ප්‍රහාර එල්ල කොට මරා දැමූ

පාසැල් දැරිවියන් පනස් හතර දෙනකු ඇතුළු 61ක් උතුරේදී අනුස්මරණය කර තිබේ.

මහින්ද රාජපක්‍ෂගේ ජනාධිපතිධූර කාලයේ, 2006 අගෝස්තු 14 වැනිදා ශ්‍රී ලංකා ගුවන් හමුදාව මගින් මුලතිව්, වල්ලිපුනම්හි සෙන්චෝලේ ළමා නිවාසයට ගුවන් ප්‍රහාර එල්ල කරමින් එහි සිටී පාසැල් දැරිවියන් 54 දෙනකු සහ කාර්ය මණ්ඩලයේ 7ක් මරා දැමුණු අතර තවත් 61 දෙනකුට  තුවාල සිදු කෙරිණි.

බෝම්බ හෙළා මරා දැමුණු දැරිවියන්ගේ ඥාතීහු 16 වැනි වතාවටත් ඉකුත්දා [14] මුලතිව් ඉඩෙක්කට්ටු හංදිය ආසන්නයේ ළමා නිවාසය පිහිටා තිබු භූමියට රැස්ව මල් පහන් දල්වා ඔවුන්ගේ ආදරණීයයන්  සැමරූහ.

ඊට සමගාමීව දෙමළ ජාතික ජනතා පෙරමුණ සංවිධානය කළ අනුස්මරණ වැඩටහනක් ළමා නිවාසයට පිවිසෙන මාර්ගය අසල පැවැත්වුනේ එම පෙරමුණේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන්  ගේ සහභාගිත්වයෙනි.

000012 1

000012 2


 මෙහිදී මරා දැමුණු පාසැල් සිසුවියන්ගේ සේයා රූ  ඇතුලත් පුවරුවක් ඉදිරියේ පහන් දල්වා ඔවුන් සිහිපත් කරන අතර වාරේ සිවිල් ඇඳුමින් සැරසුණු හමුදා චරපුරුෂ සේවා භටයන් විසින් සහභාගිවූවන් රූ ගත කරමින් සිටී බව ප්‍රදේශයේ වාර්තාකරුවෝ පවසති.

සිසු සිසුවියන්, ආචාර්යවරුන් හා කම්කරුවන්ගේ ද සහභාගිත්වයෙන් යාපන සරසවි ශිෂ්‍ය සංවිධානයද දාසය වසක් පුරා සත්‍යය යුක්තිය ඉටු නොවුණු වල්ලිපුනම් හි දී බෝම්බ හෙළා මරා දැමූ පාසැල් සිසුවියන් සිහිපත් කෙරිණි.

ප්‍රධාන ස්මාරකය අසල මල් පුදා පහන් දල්වා ඔවුන් සිහිපත් කිරීමෙන් අනතුරුව වල්ලිපුනම් ළමා නිවාසයට බෝම්බ හෙළීම ගැන යාපන සරසවි ශිෂ්‍ය සංගම් සභාපති අලගරාසා විජේකුමාර් විසින් සවිස්තරාත්මක අදහස් දැක්වීමක් ඉදිරිපත් කොට තිබේ.


(සේයා - BBC සිංහල සේවය)

 

 

 

 

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

ඇඩ්වර්ටයිසිං ලෝකය