මන්නාරම සහ පුනරින් යන ප්‍රදේශවල සුළං විදුලි බලාගාර ව්‍යාපෘති දෙකක් ඉදිරිකිරීම සඳහා ඉන්දීය අදානි සමාගමට තාවකාලික අනුමැතිය ලබාදුන් බවත් එම ආයෝජනය ඇමරිකානු ඩොලර් මිලියන

500 ක් ඉක්මවන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ඊයේ (16) පැවසීය.

මන්නාරම විදුලි බලාගාරයෙන් මොගාවොට් 286 ක් සහ පුනරීන් බාගාතාරයෙන් මෙගාවොට් 234 ක් ද, ජනනය කිරීමට නියමිත බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් කීය.

පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිවල ප්‍රගතිය සාකච්ඡා කිරීම සඳහා ලංවිම සහ තිරසර සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සමඟ ඊයේ  (16) පැවැති සාකච්ඡාවේදී මෙම තීරණයට එළඹ තිබේ.

KWT
ඉන්දියාවේ ප්‍රකෝටිපතියෙකු මෙන්ම අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ සමීපතමයෙකු ලෙස සැලකෙන අදානි සමූහයේ සභාපති ගෞතම් අදානිගේ ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිය පසුගිය මාස කිහිපයේ ආන්දෝලයට ලක්විය.



එය මෙරට මෙන්ම ඉන්දියාවේ දේශපාලන ක්ෂේත්‍රයේද මතභේදයට තුඩුදෙන ව්‍යාපෘතියක් බවට පත්වුයේ අදාළ ව්‍යාපෘතිය අදානි සමාගම වෙත ලබා දෙන ලෙස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට බලපෑම් කළ බවට එම්.එම්. සී ෆර්ඩිනැන්ඩු ජුනි 10 දා පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සාභාවේදී කළ අනාවරණයයයි.

අදාළ ප්‍රකාශය කර පැය 24ක් ගතවීමටත් මත්තෙන් ඔහු එම ප්‍රකාශය ඉල්ලා අස්කර ගත් අතර ජුනි13 දා සිය ධුරයෙන් ඉල්ලා අස් විය.




විදුලිබල සංශෝධන පනත සම්මතවීමෙන් ඇති වූ බලපෑම !

light power 1000px


විදුලි බල (සංශෝධන) පනත් කෙටුම්පත ජුනි 09 දා වැඩි ඡන්දයෙන් පාර්ලිමේන්තුවේදී සම්මත විය.

විදුලිබල සහ බලශක්ති අමාත්‍යවරයා 2022 මැයි 17 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද මෙම පනත් කෙටුම්පත මගින් යම් තැනැත්තකුට විදුලිබලය උත්පාදනය කිරීම පිණිස උත්පාදනය කිරීමේ බලපත්‍රයක් නිකුත් කිරීම සඳහා ඉල්ලුම් කිරීමට සුදුසුකම් ලබා දීම මෙමගින් සිදුවේ.

මේ අනුව යම් තැනැත්තෙකුට උත්පාදන ධාරිතාව මෙගාවොට් 25 ඉක්මවා සහ අභිබවා විදුලිබලය උත්පාදනය කිරීමේ බලපත්‍රයක් නිකුත් කිරීම සඳහා ඉල්ලුම් කිරීමට පැවති සීමාව ඉවත් කෙරින.

මීට අමතරව උත්පාදන ධාරිතාව පිළිබඳ යම් සීමා නියම කිරීමකින් තොරව ඕනෑම තැනැත්තකුට ඒ සඳහා ඉල්ලුම් කිරීමට අවසර ලබාදීම ද මෙම සංශෝධනය මගින් සිදුවිය.



විදුලි අර්බුදයට තිරසාර විසඳුම්




එහිදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පෙන්වා දුන්නේ වසර 9කට පසු පුනර්ජනනීය බලශක්ති ව්‍යාප්තිය සඳහා වන සංශෝධනය පාර්ලිමේන්තුවේදී සම්මත වීම ආයෝජකයින් සඳහා නව මංපෙත් විවර කරනු ඇති බවයි.

එයින් ශ්‍රී ලංකාවේ විදුලි අර්බුදයට තිරසාර විසඳුමක් ලබා දෙනු ඇතැයි ද හිටපු ජනාධිපතිවරයා අවධාරණය කර තිබිණ.

විෂය භාර අමාත්‍යවරයා ලෙස කංචන විජේසේකර අමාත්‍යවරයා දැක්වූ කැපවීම හිටපු ජනාධිපතිවරයා ප්‍රශංසාවට ද ලක්විය.

එහිදී අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කළේ, පුනර්ජනනීය බලශක්ති සැලසුම් කඩිනම් සංවර්ධනය සඳහා මෙම සංශෝධනය අත්‍යවශ්‍ය වූ බවයි.

පුනර්ජනනීය බලශක්තිය සඳහා වන ආයෝජන සහ සැලසුම් පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමට අදහස් කරන බවද ඔහු සඳහන් කළේය.

පුනර්ජනනීය බලශක්ති සැලසුම් සඳහා සහභාගී වීමට දේශීය සංවර්ධකයින්ට මෙන්ම සෘජු විදේශ ආයෝජන දිරිමත් කිරීමට රජය බලාපොරොත්තු වන බවට ද ඇමතිවරයා පැවසීය.

 
 
කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්