theleaderlk 01

පොහොට්ටු පක්ෂයේ ප්‍රචාරක කටයුතුවල දී මින් ඉදිරියට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ නම සහ රුව යොදා නොගැනීමට එම පක්ෂයේ

බලධාරීන් තීන්දු කර ඇතැයි නෙලුම් මාවත කාර්යාල ආරංචි මාර්ග පවසයි.

ඒ සම්බන්ධයෙන් ඊයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පැවසුයේ, පොහොට්ටු පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ  ප්‍රවෘත්ති සාකච්ජා පැවැත්වෙන අවස්ථාවල පිටුපස ඩිජිටල් තිරයේ වරින්වර ප්‍රදර්ශනය කළ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පින්තුරය අතුරුදහන්ව ඇති බවයි.

අරගලය සමයේ මහින්ද රාජපක්ෂගේ හා බැසිල් රාජපක්ෂගේ පින්තුර ද ප්‍රදර්ශනය නොකළ බව පැවසු මුජීබර් මන්ත්‍රීවරයා, එහෙත් මේවනවිට ඔහුන් දෙදෙනාගේ පින්තුර යළි ප්‍රදර්ශනය කරමින් ගෝඨාභය අතුරුදන් කර ඇතැයි වැඩිදුරටත් කියා සිටියේය.



ගෝඨාභය රාජපක්ෂ පොහොට්ටු පක්ෂයෙන් ජනාධිපතිවරණයට තරඟ කලද ඔහු එම පක්ෂයේ කිසිඳු තනතුරක් නොදැරිය.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වූ අවස්ථාවේදී ඔහුව පක්ෂයේ නායකයා කරන ලෙස පත්කරන්නැයි ආණ්ඩුවේ ඇතැම් පාර්ශවවලින් දැඩි බලපෑමක් එල්ල වුවද බැසිල් රාජපක්ෂ විසින් එම ඉල්ලීම් තරයේ ප්‍රතික්ෂේප කර තිබිණ.

එසේම, පොහොට්ටු පක්ෂයේ නායකයින් නොසලකා කටයුතු කරන බවටද ජනාධිපති ගෝඨාභයට දිගින් දිගටම පක්ෂයේ ප්‍රබලයින්ගෙන් චෝදනා එල්ලවූ අතර මහින්ද රාජපක්ෂ හැරුනවිට රාජපක්ෂ පවුලේ සාමාජිකයින් සියලුදෙනා මෙන්ම ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන ඇතුළු පිරිස් කැබිනට්ටුවෙන් ඉවත් කිරීමත් සමග බරපතල ගෝඨා විරෝධයක් පක්ෂය තුල මතුවිය.

එහි කුඨ ප්‍රාප්තිය සිදුවුයේ පසුගිය මැයි මස 09 වෙනිදාය. එදින තම පක්ෂයේ ක්‍රියාකාරීන් දහස් ගණනක් අරලියගහ මන්දිරයට කැඳවා තිබු පොහොට්ටුවේ ඇතැම් නායකයින් ගෝඨාභය රාජපක්ෂට බරපතල විවේචන එල්ල කරමින් ඔහුව පන්නා දැමිය යුතු බවට ද ප්‍රසිද්ධියේ පවසා තිබිණ.

ඔහුන් එදින දහවල් අරගල භූමියට කඩා වැඳී විරෝධතකරුනට පහරදුන්නේ ජනාධිපති කාර්යාලයද වැටලීමේ සුදානමින් බව පසුව වාර්තාවිය.

පොහොට්ටුවේ ගෝඨා විරෝධී එම සැලැස්ම ආපස්සට කැරකුණ අතර එදින පොහොට්ටුවේ ප්‍රධානීන්ගේ නිවෙස් දේපල ගින්නට හසුවිය. මහින්ද රාජපක්ෂට අගමැති ධුරය ද අහිමිවිය.

අරගලකරුවන්ගේ ගෝඨා විරෝධය කෙමෙන් කෙමෙන් තුරන්ව යද්දී ගෝඨාභයට එරෙහි බැසිල් පාර්ශවයේ විරෝධය උත්සන්න වෙමින් තිබේ. ගෝඨා යළි දිවයිනට පැමිණ පාර්ලිමේන්තුවට ඒමේ සුදානමක් ගැන වාර්තාවීම ඊට හේතුවී තිබෙන බව පැවසේ.


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

නවතම පුවත්