1200 x 80 DMirror

වර්තමාන ජනාධිපතිවරයා සමග තමා වසර පහක් ආණ්ඩු කළ බවත්, තමා එතුමාගේ හැටිද එතුමා තමාගේ හැටිද හොඳට දන්නා බවත් හිටපු ජනාධිපති

පොළොන්නරු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන පැවසීය.

රට තිබෙන තත්වය අනුව මේ අවස්ථාවේදී දේශපාලඥයන්ගේ කළු සුදු බැලීම සුදුසු නැතැයි ද හිටපු ජනාධිපතිවරයා කීවේය.

සියලු දෙනා පක්ෂ පාට මේ අවස්ථාවේදී ඔලු වලින් අයින් කළ යුතු බවද ඔහු සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ මාධ්‍යවේදීන් පිරිසක් සර්ව පාක්ෂික ආණ්ඩුව සම්බන්ධයෙන් කළ විමසුමකදීය.



ස්තුතියි ! -  මෛත්‍රිපාල රනිල්ට කියයි


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මෛත්‍රීපාල සිරිසේන පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යොමුකරමින්, ශ්‍රීලනිපය විසින් ඉදිරිපත්කළ සර්ව පාක්ෂික සමුළුවක් පිළිබඳ යෝජනාව අගය කිරීම ගැන ජනාධිපතිවරයාට ස්තුතිය පළකර තිබිණ.

ඒ සර්ව පාක්ෂික රජයකට අදාළ එකගතාවන් ඇති කර ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකරමිනි.

විශේෂ කරුණු 9ක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානය යොමු කරමින් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් මෙම ලිපිය යොමු කර තිබිණ.

 

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය