අනුර දිසානායකට හෝ මහේෂ් සේනානායකට හෝ රොහාන් පල්ලෙවත්තට හෝ මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය දුන්න ද

ඔවුන් කිසිවකුට ජයගත නොහැකි බැවින්, ගෝඨාබය නමැති අති භයානක මහා රකුසා පරාජය කිරීම සඳහා සජිත් ප්‍රේමදාස ජයග්‍රහණය කරවීමට ඡන්දය දෙන්නැයි ප්‍රවීන ගායන ශිල්පී සුනිල් පෙරේරා ජනතාවගේ ඉල්ලා සිටියි.

මාධ්‍ය හමුවක් අමතමින් එම ඉල්ලීම කළ ඔහු එහිදී තවදුරටත් මෙසේ ද සඳහන් කළේය.

''ස්වාධීන කියනකොට මගේ අදහස වෙන්නේ මේ ඡන්දයේදි මොන ස්වාධීන අපේක්ෂකයාට දුන්නත් එයාට දිනන්න බැහැ. මහේෂ් සේනානායකට, ජේවිපෙ එකට, පල්ලෙවත්තට ඔය ඉන්න කාට දුන්නත් ඒගොල්ලන්ට දිනන්න බැහැ.

එතකොට තමාගෙන් සිදුවිය යුත්තේ මේ ඉන්න රකුස ව‌ගේ එකාව පන්නගන්න එකයි. මම නම් බයයි, මම නම් යන්න කැමති නැහැ හිර ගෙදර මම නම් හිරගෙදර ගිහිල්ලා නැහැ. අපේ නෝනලත් බයයි ගෙදර අයත් බයයි. ඉතින් ඔක්කොමල්ල බයයි.

දැන් කිසිම ස්වාධීන අයෙකුට දීල දිනන්න බැරි නිසා සහ තියෙන බය නිසා මම ඩිසයිඩ් කරා මේ තත්වය උඩ මම තේරුම් ගත්තා සජිත් ප්‍රේමදාස මහත්තයාට ඡන්දය දෙන්න කියලා. මේ රකුසගේ පැත්තෙන් තියෙන ප්‍රශ්නය නිසා බය නිසා කොයිවෙලේ ඇතුලට දායිද දන්නේ නැහැ, මොනවා කියලා දායිද යන්නේ නැහැ. test 49

 මම නම් ඡන්දය දෙන්නේ අන්න ඒ බයට. ආර්ථිකය නිසාවත් යුද්ධය නිසාවත් නෙවෙයි, අරකක් මේකක් හින්දා නෙවෙයි. මොන මොන දේවල් සජිත්ගේ ඔලුවේ තියෙනවාද කියලා දන්නේ නැහැ. මේ ආව යහ පාලනය ගොඩක් දේවල් මේ අය කෙරුවා, නමුත් ඒවා ගැන වැඩිය දන්නේ නැහැ මට දැනුමක් නැහැ.

අන්න ඒ නිසා මම  විශ්වාස කරන්නේ තමුන්නාන්සේලාත් බයෙන් ඉන්න ඕනේ නැහැ. අපිට තියෙන්න ඕනේ නිදහස අන්න ඒ නිදහස.

මගේ ළඟම දන්න කෙනෙකුට ඉතාමත් කැත විදිහට බැන වැදුනා මම ඒ නෝනව දන්නවා, දැන් ඒ නෝනා ලංකාවේ නැහැ. ඒ නෝන ඇහුවේ වෙන මොනවත් නෙවෙයි, බලු පැටියෙක් ගේන්න ප්ලේන් එකක් ගියාද? සාමාන්‍යයෙන් මාධ්‍යවේදියෝ ප්‍රශ්න අහනවනේ ඒ වගේ අහුවා.

ඒ වෙලාවේ ඉතාමක් තර්ජනාත්මක විදිහට බැන වැදිලා 'බලු පැටියෙක් නෙවෙයි ඕනනම් අලියෙක් ගේන්නත් මට පුළුවන් තමුසෙට ඇති වැඩේ මොකක්ද?' අන්න එහෙම කේන්ති ගන්න නායකයෝ හොඳ නැහැ. එහෙම ඒ තර්ජනාත්මක ස්වරයෙන් ඒකාධිපති වියරුවෙන්  ඒ නෝනට බැන්න.  

ඒ නෝන වැඩ කරේ ලසන්ත වික්‍රමතුංගගේ යටතේ. ලසන්න වික්‍රමතුංගව මරපු ගමන් ඒ නෝන බය වුණා. දැන් මුළු පවුලම  ඉන්නේ ඇමෙරිකාවේ. නම ෆෙඩ්රිකා ජෑන්ස්.

තමුන්නාන්සේලාට මම කියන්නේ වහල්භාවයෙන් බයෙන් ජීවත් වෙන්න මම කැමති නැහැ. මම නම් සජිත්ට ඡන්දය දෙන්නේ ඒ බය නිසයි.

තමුන්නාන්සේලාට මම දන්නේ නැහැ මොනවා කියන්නද කියලා. අපිවත් පොඩ්ඩක් බේරගන්න, මාවත් පොඩ්ඩක් බේරගන්න නම් සජිත්ට ඡන්දය දීල පත් කරගන්න නැත්නම් අපිට කොට්ට අරගෙන යන්න බැහැ හිරගෙදර.''

 වීඩියෝ

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්