ඖෂධ මාෆියාව කලබල වන්නේ දේශීය ඖෂධ නිශ්පාදනය දිරි ගැන්වීමේදී මිස, එකම ඖෂධය යලි යලිත් හදුන්වාදීමේ බොරුවට නොවේ යයි මෙරට

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රකට වෘත්තීය සමිති නායකයකු වන රවී කුමුදේශ් පවසයි.

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය සභාපති රවී කුමුදේශ් එබව සඳහන් කර ඇත්තේ, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව විසින් නව නිෂ්පාදන තුනක් (03) වෙළඳපලට (රජයේ වෛද්‍ය සැපයුම් අංශයට (MSD -  Medical Supplies Division)  හා පුද්ගලික අංශයේ වෙළඳපොළට හඳුන්වාදීම ප්‍රචාරය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ගේ ප්‍රධානත්වයෙන් අගෝස්තු 15 දා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ පැවති උත්සවය සම්බන්ධයෙන් එම සංස්ථාව විසින් නිකුත්කර ඇති මාධ්‍ය නිවේදනයකට ප්‍රතිචාර දක්වමිනි.

ඊට ප්‍රතිචාර දක්වමින් වෘත්තීය සමිති නායකයා මෙසේ පවසයි.


 ''හදුන්වාදීම් බොරුව වසා ගැනීමට නිර්ණාමික ලියවිල්ලක්''


ඔමෙප්‍රසෝල් (20mg) සහ ලවොතයිලොක්සීන් (50mg) ඖෂධ අලුතින් හදුන්වා දුන් බව උත්සවයක් පවත්වා සිදු කල බොරුව වසා ගැනීම සදහා තවත් බොරු රැසක් සමග ඖෂධ මාෆියාව පටලවා ගැනීමට, ඖෂධ නිශ්පාදන නිතිගත සංස්ථාව දරන උත්සාහය අප ප්‍රතික්ෂේප කරමු.

උක්‍ත ඖෂධ නව ඖෂධ ලෙස හදුන්වාදුන් බව ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ මාධ්‍ය ප්‍රකාශය තුල පැහැදිළිව සදහන්ව තිබියදී, එක බොරුවක් වසා ගැනීම සදහා තව බොරු දහසක් කියන ප්‍රතිපත්තියට යෑම, රජයේ වගකිවයුතු සංස්ථාවක හැසිරීම නොවිය යුතුය.

සාමාන්‍යයෙන් ඖෂධයක් හදුන්වාදීම ලෙස සැලකෙන්නේ ඖෂධයට අදාල අනුක තත්වය (MOLECULE) හදුන්වා දීම මිස එහි විවිධ ඇසුරුම් හෝ එය විකුණනු ලබන ආයතන වලට අදාලව සිදු කරණු ලබන්නක් නොවේ. ඒසේ සිදු කරනු ලැබුවහොත්, ඖෂධයේ විවිධ පැකට්ටු සඳහා උත්සව විශාල ප්‍රමාණයක් සහ ඖෂධය අළුතින්ම විකුණන්නට පටන් ගන්නා විවිධ ආයතන වලට අනූව තවත් උත්සව විශාල සංඛ්‍යාවක්ද පවත්වන්නට සිදු වේ.

කෙසේ නමුත්, සැබෑ ලෙසම ඖෂධ මාෆියාවට වැට බැදීමට, ඖෂධ නිෂ්පාදන නීතීගත සංස්ථාවට අවශ්‍ය වන්නේනම්, ඒ සදහා කල යුත්තේ බොරු උත්සව පැවැත්වීම වෙනුවට සත්‍ය වශයෙන්ම දේශීය ඖෂධ නිශ්පාදනය දිරි ගැන්වීම සහ පහසුකම් සැලසීමය. පසුගිය වසර කිහිපය තුල එවන් කාර්‍යක්ෂමතාවයක් අප එම සංස්ථාවව තුලින් නිරීක්ෂණය නොකල බවද මෙහිලා සදහන් කල යුතුමය.''




අලුත් ඖෂධ වලට ප්‍රචාරයක් ගන්න සුළු මුදලකින් කළ උත්සවයක්''



සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ගේ ප්‍රධානත්වයෙන් අගෝස්තු 15 දිනයේ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ පැවති උත්සවයක සම්බන්ධයෙන් එල්ලවන විවේචන පිළිබඳව අප කළ විමසීමකදී රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසුයේ, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව විසින් Mefenamic Acid Tablets BP 500mg යන ඖෂධය රජයේ වෛද්‍ය සැපයුම් අංශයට හා පුද්ගලික අංශයේ වෙළඳපොළටත්, Levothyroxine Tablets IP 50 mcg හා Omeprazole Capsules IP 20mg යන ඖෂධයන් පුද්ගලික අංශයේ වෙළඳපොළටත් (Local Market) ලබාදීම මුලික කරගෙන මෙම උත්සවය සංවිධානය කරනු ලැබුවේ මෙම අලුත් ඖෂධ සඳහා පුලුල් ප්‍රචාරක් ලබාගැනීමේ මුලික අරමුණින් බවයි.

විශේෂයෙන්ම Levothyroxine ඖෂධය නිතරම හිඟයක් ඇතිවන ඖෂධයක් බැවින් එය ප්‍රථමවරට පුද්ගලික බෙහෙත්සැල් වලට නිකුත්කිරීම ගැන පුලුල් ප්‍රචාරයක් ලබාගැනීම ඉතා වැදගත් බව ඔහු තවදුරටත් පැවසීය.

රජයේ ආරෝග්‍යශාලා වෙත Bulk Pack ලෙස ඖෂධ නිකුත් කිරීමත්, පුද්ගලික ඖෂධ සැල් වෙත Blister Pack ලෙස හදුන්වාදීමත් සම්පූර්ණයෙන්ම වෙනස් කාරණා දෙකක් බැවින් ඉතා සුළු මුදලක් වැයකර උත්සවය සoවිධානය කළ  බවද ඔහු  කියා සිටියේය.


සබැඳි පුවත් :
සංස්ථාවෙන් නව නිෂ්පාදන වෙළඳපොළට - ඖෂධ මාෆියාව කැළඹේ


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්