වත්මන් යුද හමුදාපතිවරයා ඉවත් කළ යුතු බවට කවුරුන් බලපෑම් කළද, රටේ වත්මන් යුද හමුදාපති ලුතිනන් ජනරාල් ෂාවේන්ද්‍ර සිල්වාට

අත තබන්නට කිසිවෙකුට ඉඩ දෙන්නේ නැතැයි ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස අවධාරණය කරයි.

සජිත් ප්‍රේමදාස මෙම අදහස් පළ කළේ රත්නපුර දිස්ත්‍රික්කයේ, නිවිතිගල නගරයේ පැවති ජන හමුවට ඊයේ (26) දින එක්වෙමිනි.

එක්සත් ජනතා නිදහස් සංධානයේ නිවිතිගල ප්‍රාදේශිය සභා මන්ත්‍රී දිලිප් රාජපක්ෂ, කහවත්ත ප්‍රාදේශීය සභා අපේක්ෂිකා විරකොන්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් මාධ්‍ය සම්බන්ධීකරණ ලේකම් තනූජ් ගමගේ ඇතුළු පාක්ෂිකයින් විශාල පිරිසක් සජිත් ප්‍රේමදාසට සහය පළ කරමින් මෙම ජනහමුවට එක්ව සිටියහ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා මෙසේද පැවසීය.

 “සජිත් ආවත්, ගොඨා ආවත් වත්මන් යුද හමුදාපති ඉවත් කළ යුතු බවට විදේශ රටකින් සිදුකළ ප්‍රකාශයක් පුවත්පත් වල අද පළවෙලා තියෙනවා.

 චෝදනා කරන රටේ පුරවැසිභාවය තිබෙන පුද්ගලයින්ට ඔය බලපෑම් කරන්න පුළුවන්. මාතෘ භූමියේ සුපිරිසිදු පුරවැසිභාවයක් තිබෙන ශ්‍රී ලාංකිකයෙක් වන මට බලපෑම් කරන්න ඔවුන්ට බැහැ. දෙපැත්තේ කකුල් තබාගෙන සිටින ද්විත්ව පුරවැසිභාවයක් මට නැහැ. මට තිබෙන්නේ පුරවැසි ශක්තියයි.test 50

 ප්‍රතිවාදියා පූර්ණ කාලීන රටේ පුරවැසියෙක්ද යන ප්‍රශ්නය තිබෙනවා. ඔහු කකුල් දෙක දෙපැත්තේ තබාගෙන සිටින්නේ.

 එකක් ඇමෙරිකාවේ අනෙක ශ්‍රී ලංකාවේ. මාධ්‍යවේදීන් චෝදනා මුඛයෙන් ප්‍රශ්න කරන විට තමන්ටත්, තම පවුලේ අයටත් ප්‍රශ්නයක් ඇති වෙයි බියෙන් රණවිරුවන් පාවා දී ඇග බේරගත්තා.

  ඉදිරියේදී රණවිරුවන් ගැන ප්‍රශ්න කරමින් විදේශීය බලපෑම් එල්ල වුවහොත්, තමන්ගේ බේරුම සඳහා රණවිරුවන් පාවා දෙනවා නිසැකයි” 

saji 1

saji 2

saji4

subscribeYT

කාටුන්

නවතම පුවත්