හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යලි දිවයිනට පැමිණෙන දිනය සැප්තැම්බර් දෙවැනි සතිය දක්වා

කල්දැමීමට තීන්දුකර ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතර ඊයේ (19) පැවති දුරකථන සංවාදයකින් පසු එම තීරණය ගෙන ඇතැයි පැවසේ.

ඔවුන් දෙදෙනා අතර එම දුරකථන සංවාදය සම්බන්ධීකරණය කර ඇත්තේ බැසිල් රාජපක්ෂ විසින් බව ඉහත ආරංචිමාර්ග තවදුරටත් පවසයි.

 හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ලබන 24 වැනිදා දිවයිනට පැමිණෙන බව මාධ්‍ය වාර්තාවල සඳහන් විය.

ගෝඨාභය රාජපක්ෂ සහ  ඔහුගේ බිරිඳ තායිලන්තය රජයේ අනුග්‍රහය යටතේ එරට විශේෂ ආරක්ෂක ස්ථානයක ලැගුම් ගෙන සිටිති.


ගෝඨාගේ මිරිහාන නිවෙසට විශේෂ ආරක්ෂාවක්

මේ අතර හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ මිරිහාන පැඟිරිවත්ත ප්‍රදේශයේ පිහිටි නිවෙස සහ ඒ අවට ප්‍රදේශයේ ආරක්ෂක විධිවිධාන වැඩි කරන ලෙස පොලිස් ප්‍රධානීන් ප්‍රදේශයේ පොලිස් සහ  බුද්ධි අංශ නිලධාරීන්ට ඊයේ (19) උපදෙස්දී ඇත.

එසේම හිටපු ජනාධිපතිවරයාගේ නිවෙස අවට ප්‍රදේශය ගැන විශේෂ සෝදිසියකින් පසුවන ලෙස ද වැඩිදුරටත් දැනුම්දී ඇත.

එම ප්‍රදේශයේ ඊයේ (19) පැවැති පොලිස් නිලධාරීන්ගේ සාකච්ඡාවකදී මෙසේ උපදෙස්දී ඇති බව පොලිස් ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.


''ගෝඨා ආපහු දේශපාලනයට එනවා කියලා නැහැ' -ඇමති ප්‍රසන්න

මේ අතර ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසන්නේ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නැවත දේශපාලනයට පැමිණෙන බවක් ප්‍රකාශ කර නොමැති බවයි.

හිටපු ජනාධිපතිවරයා එවැනි තීරණයක් ගනු ඇතැයි තමා කිසිසේත්ම විශ්වාස නොකරන බවද  හෙතෙම සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ මහනුවරදී  අද (19) පෙරවරුවේ පැවති රැස්වීමකින්  අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

මේ රටේ සාමාන්‍ය පුරවැසියන්ට ඇති නිදහස හිටපු ජනාධිපතිවරයා ගෝඨාභය රාජපක්ෂට ද හිමිවිය යුතු බවත් ඔහු  ඇමරිකානු පුරවැසිකම අත්හැර පැමිණියේ  රටට සේවය කිරීමට බවත් අමාත්‍යවරයා කීවේය.



අරගලකරුවන්ට බයේ ඔහුට පිටරට හැංගි සිටීමට ඉඩ දිය නොහැකි බවත් එසේ කළ හොත් ඔහුගේ මානව හිමිකම් කඩ වන බවත් ප්‍රසන්න රණතුංග සඳහන් කළේය. හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව තහවුරු කර ඔහුට නැවත මෙරටට පැමිණීමට අවශ්‍ය පහසුකම් සපයන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළ බවද හෙතෙම පැවසුවේය.

  


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

  

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්