theleaderlk 01

සිර දඬුවම් විඳින ප්‍රවීණ රංගන ශිල්පී රංජන් රාමනායක ලබන සතියේදී ජනපතිවරයාගේ

පොදු සමාව යටතේ නිදහස් කෙරෙනු ඇතැයි අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ 'ලංකාදීපය'ට ප්‍රකාශකර ඇත.

රන්ජන් රාමනායක පිළිබඳ සියලු නිර්දේශ වාර්තා තමා ජනාධිපතිවරයාට බාරදී අවසන් බවද ඇමතිවරයා පවසයි.

තමා විසින් සිදුකළ වරද සම්බන්ධයෙන් සමාව ගැනීමේ ලියවිල්ලකටද රංජන් රාමනායක පසුගියදා අත්සන් කළේය.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් රන්ජන් රාමනායකට වසර හතරක බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කරනු ලැබීය.

ඒ 2021 වර්ෂයේ ජනවාරි 12 වැනිදාය.

මේ අනුව ඔහු  වසර දෙකකට ආසන්න කාලයක් මේ වනවිට සිර දඬුවම් විඳ ඇත්තේය.

රන්ජන් රාමනායක  ජනපති පොදු සමාව යටතේ නිදහස් කරන ලෙස 'සමගි ජන බලවේගය' ඇතුළු දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන  කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් පසුගිය කාලයේදී රජයෙන් ඉල්ලා සිටියහ.


රන්ජන් ද ගේම්’ බලන්න එයි !

‘ද ගේම්’ චිත්‍රපටියේ ප්‍රධාන චරිතයට රඟපාන වැලිකඩ බන්ධනාගරයේ සිරදඩුවම් විදින ජනප්‍රිය නළු රන්ජන් රාමනායකට ‘ක්ලබ්බු සිටි සෙන්ටර්’හිදී ඊයේ (19) එම චිත්‍රපටිය නැරඹීමේ අවස්ථාව හිමිවිය.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක පැවසුවේ ‘ද ගේම්’ චිත්‍රපටියේ අධ්‍යක්‍ෂවරයාගේ ඉල්ලීමකට අනුව අධිකරණ අමාත්‍යංශයේ අනුමැතිය මත රාමනායකට එම අවස්ථාව දුන් බවයි.    

299328848 619454669542153 1415682129088483474 n

0000 1

0000 2

0000 3

 

 

 

 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM