1200 x 80 DMirror

ඩලස් අලහප්පෙරුමගේ නායකත්වයෙන් යුතු 'පොහොට්ටු පක්ෂයේ ප්‍රතිසංස්කරණ කණ්ඩායමේ'

මන්ත්‍රීවරුන් අද (20) අනුරාධපුරයට පැමිණ ආගමික වතාවත්වල නිරතවිය.

ඒ, සිය ඉදිරි දේශපාලන වැඩපිළිවෙල සම්බන්ධයෙන් මහා සංඝරත්නය දැනුවත් කර ආශිර්වාද ලබාගැනීම සඳහායි.

අද පෙරවරුවේ අනුරාධපුරයට පැමිණි හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ඇතුලු මන්ත්‍රීවරුන් 12 දෙනා පළමුවෙන්ම අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත්තේය.

පසුව ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගත් ඩලස් අලහප්පෙරුම ඇතුලු මන්ත්‍රී කණ්ඩායම අනතුරුව රුවන්වැලි මහ සෑ රදුන් වැඳපුදා ගනු ලැබිය.

හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ඇතුලු මන්ත්‍රි කණ්ඩායම පසුව මිරිසවැටිය ඇතුලු සියලුම අටමස්ථාන වැඳ පුදා ආශිර්වාද ලබාගත්තේය. 

 

රාජපක්ෂ කඳවුරේ වෛරයට ...

ඩලස් කණ්ඩායම කණ්ඩායමේ අලුත් ගමන ආරම්භවීමත් සමග රාජපක්ෂ කඳවුරෙන් ඔවුන් වෙත සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ප්‍රහාරයක් එල්ල වෙමින් තිබේ. එම ප්‍රහාරයේ මුලික ඉලක්කය වී ඇත්තේ ඩලස් ගේ දේශපාලන ප්‍රතිරූපය අභියෝගයට ලක්කිරීම බව පැහැදිලිව ප්‍රදර්ශනය වේ.

අභිනව ජනාධිපති තෝරා පත්කරගැනීම සඳහා පසුගිය ජුනි 20 වෙනිදා පාර්ලිමේන්තුවේ පැවති ඡන්දයෙදී එජාප නායක රනිල් වික්‍රමසිංහට එරෙහිව ඩලස් අලහප්පෙරුම ඉදිරිපත්වූ අතර එහිදී ඔහු පරාජයට පත්විය.

ඉන් අනතුරුව ඩලස් අලහප්පෙරුමගේ නායකත්වයෙන් යුතු පොහොට්ටුවේ ප්‍රතිසංස්කරණ කණ්ඩායමේ සාමාජිකයින් ඉලක්ක කරගත් බරපතල පළිගැනීමේ මෙහෙයුමක් මේවනවිට ක්‍රියාත්මක වෙමින් තිබේ.

එහි පළමු පියවර ලෙස ඩලස් අලහප්පෙරුම, මහාචාර්ය ජී.එල්. පීරිස් හා ඩිලාන් පෙරේරා පාර්ලිමේන්තුවේ පක්ෂනායක කමිටුවෙන් (Committee on Parliamentary Business ) ඉවත් කර ඇත.

 එසේම කෝප් හෙවත් පොදු ව්‍යාපාර කාරක සභාවේ (Committee on Public Enterprises) සභාපති ලෙස කටයුතු කල මහාචාර්ය චරිත හේරත් මෙවර කෝප් කමිටුවෙන්ම ඉවත් කිරීමේ සුදානමක් පවතින බව වාර්තාවේ. ඒ වෙනුවට නිමල් ලන්සා පත්කිරීමට නියමිතව ඇතැයි ද පැවසේ.

 කෝප් කමිටුවේ සාමාජිකයින් සම්බන්ධ අවසන් වාර්තාව අගෝස්තු 29 දා කතානායකවරයා විසින් ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.

එසේම, පොහොට්ටුවේ ප්‍රතිසංස්කරණ කණ්ඩායමේ සාමාජිකයින් වූ ඩිලාන් පෙරේරා සහ මහචාර්ය නාලක ගොඩහේවා රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවෙන් (Public Finance Committee) ඉවත්කර ඇත.

මෙසේ පාර්ලිමේන්තු මෙහෙයුම් කමිටු පත්කිරීමේ දී බලාත්මක වෛරී දර්ශක පිළිබඳ අවධානය යොමුකරන ලෙස පොහොට්ටු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබිණ.


සබැඳි ලිපි :

ආණ්ඩුවේ වෛරී දර්ශක ගැන ඩලස්ගේ විරෝධය හා පිළිකුල

ඩලස්ලා ගෙන් පන්න පන්න පළිගනී ! - චරිත කෝප් කමිටුවෙන්ම දොට්ට !

කෝප් කමිටුව : චරිත ඉවත් කරන්න යන්නේ බරපතල වංචාවක් යට ගහන්න ද ?

 

 

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

  

 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය