ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී පොහොට්ටුව සහ එජාපය සන්ධානගත වී තරග කිරීම සම්බන්ධයෙන් දෙපක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් සාකච්ඡාවක්

ආරම්භ කර ඇතැයි 'දේශය' ජාතික පුවත්පත වාර්තා කරයි.

ලබන මාර්තු මාසයේදී පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතුය.

ඒ සඳහා අවශ්‍ය සංවිධාන කටයුතුවලට ලබන සැප්තැම්බර් 20දායින් පසුව මැතිවරණ කොමිසමට නීතිමය බලය හිමිවෙයි.

එනිසා ප්‍රධාන පක්ෂ ගණනාවක්ම දැන් ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා සැලසුම් සකස් කරමින් සිටික බව වාර්තාවේ.


මාර්තු 25 වන දිනෙන් කාලය අවසන්


පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත්කිරීමේ බලය ඉදිරියේදී සිය කොමිසමට පැවරෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් ජී පුංචිහේවා පවසයි.

කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් නිමල් ජී. පුංචිහේවා මේ බව පැවසීය.

ඔහු පෙන්වා දෙන්නේ වසරකින් පළාත් පාලන ආයතනවල නිල කාලය දීර්ඝ කර ඇති බවත් එම කාලය ලබන වසරේ මාර්තු 25 වන දිනෙන් අවසන් වන බවත් ය.

ඒ අනුව, මැතිවරණය පවත්වන දිනය ලබන සැප්තැම්බර් 20 වන දිනෙන් පසු ප්‍රකාශයට පත්කිරීමේ බලය මැතිවරණ කොමිෂන් සභාවට හිමිවන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.



කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

නවතම පුවත්

ඇට මැස්සා