ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයන්ට මැතිවරණ සඳහා තරග කළ නොහැකි වන බවට 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇතුළත් වගන්තියට
විරුද්ධ වීමට පාර්ලිමේන්තුවේ බහුතර බලය දරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) තීරණය කරන ලද බව එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.
යම් හෙයකින් එම වගන්තිය සහිතව අදාළ සංශෝධනය ඉදිරිපත් කළහොත් ඊට එරෙහිව තම මන්ත්‍රීන් ඡන්දය ප්‍රකාශ කරන වගද ඔහු සඳහන් කළේය.
මෙයට හේතුව ලෙස ඔහු සඳහන් කළේ 22 වැනි සංශෝධනයට මෙය ඇතුළත් කළේ බැසිල් රාජපක්ෂ ඉලක්ක කරගෙන බැවින් ඊට එරෙහි වන්නට තීන්දු කළ වගය.
එසේම 22 වැනි සංශෝධනයේදී පොහොට්ටුවේ මන්ත්‍රීන්ට තමන්ගේ පෞද්ගලික අභිමතය පරිදි ඡන්දය ප්‍රකාශ කිරීමට අවසර දීමේ යෝජනාව ගැන අද හෙටම තීන්දුවක් ගන්නා බවද ඔහු වැඩිදුරටත් කීය.
ජනාධිපතිවරයාට මැතිසබය විසුරුවා හැරීමට බලය ලැබෙන කාලය පාර්ලිමේන්තුව පත්වී වසර 2 ½ නොව වසර 4 ½ ක් විය යුතු යැයි යෝජනා කිරීමටද පොහොට්ටුව තීන්දු කර තිබේ.
(උපුටා ගැනීම් - deshaya.lk)