theleaderlk 01

ජාතික ඉන්ධන අවසරපත ක්‍රියාවට නැංවීම සඳහා නොමිලයේ තාක්ෂණික පහසුකම් සලසා දුන් ඩයලොග්, මිලේනියම් අයි.ටී.ඊ.එස්.පී සහ

තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනවල සේවාව අගය කරන බව විදුලබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පැවැසීය.

එය ආයතන තුන ඇගයීම සඳහා කොළඹදී පැවැති උත්සවයකදී ඇමැතිවරයා එම අගයීම කළේය.


''කිව්.ආර්. නමින් හැඳින්වෙන ඉන්ධන කේතය මීට මාස තුනකට කලින් ‘සොයාගනු ලැබුවේ’ නම්, ගෝඨාභය රාජපක්ෂ තවමත් මේ රටේ ජනාධිපති වශයෙන් සිටිනු ඇත.'' යයි ප්‍රකට දේශපාලන විචාරකයකු වන සාහිත්‍යවේදී ගාමිණී වියන්ගොඩ පවසයි

ඔහු එබැව් සඳහන් කර ඇත්තේ 'අනිද්දා' සති අන්ත ජාතික පුවත්පතේ පළකර තිබු විශේෂාංග ලිපියකය.


''මේ මහා ජනතා නැඟිටීම වූ කලී, බඩට වැදීමෙන් ඇති කළ නැඟිටීමක් මිස, යහපාලනික (ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් ආරක්ෂා කිරීම, නීතියේ ආධිපත්‍යය ස්ථාපිත කිරීම, දූෂණය සහ නාස්තිය පිටුදැකීම, ජාවාරම් සංස්කෘතිය නතර කිරීම ආදී) සමාජ සාධාරණත්වය පිළිබඳ සාරවත් සමාජ-දේශපාලනික සංකල්ප සමුදායක් මත සංයුක්තව පදනම් වෙමින් ඇති වූ නැඟිටීමක් නොවේ. ඒ නිසාම, ඉහත කී පෙට්‍රල්-ගෑස් පෝලිම් තදබදය නැති වූ සැණින්, ණයට හෝ පොහොර ටික ගොවි ජනතාවට සහනාධාර වශයෙන් දුන් සැණින්, ඉස්මතු වූ ජනතා විරෝධයත් තව කාලයකට බැස යනු ඇත.'' ගාමිණී වියන්ගොඩ තවදුරටත් පැහැදිලි කරදී තිබිණ.



සබැඳි ලිපි :
ගෝඨාභය පැන්නුවත්, රාජපක්ෂවාදය අජරාමර වේද? - (ගාමිණී වියන්ගොඩ)


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

නවතම පුවත්