අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ,

හෂාන් ජිවන්ත සහ පුජ්‍ය ගල්වැව සිරිධම්ම හිමි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් කනගාටුවට පත්වන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය පවසයි.

එම සංවිධානයේ මානව හිමිකම් ආරක්ෂකයින් පිළිබඳ විශේෂ නියෝජිත මේරි ලොලර් (Mary Lawlor UN Special Rapporteur HRDs) සිය ට්ව්ටර් ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර තිබේ.

ඇය පෙන්වාදෙන්නේ මානව හිමිකම් ක්‍රියාකාරීන් වන අදාළ පුද්ගලයින් තිදෙනා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් දැඩි කනස්සල්ල පළ කරන බවය.

ඔවුන් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග සඳහා අත්සන් නොකරන ලෙස තමන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා සිටින අතර එසේ කිරීම ශ්‍රී ලංකාවේ අඳුරු දිනයක් වනු ඇති බව ඇය සිය ට්ව්ටර් පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

yey657

මුදලිගේ ඇතුළු තිදෙනා සම්බන්ධයෙන් විමර්ශන CIDයට

කෙසේවෙතත් අත්අඩංගුවට ගත් වසන්ත මුදලිගේ ඇතුළු තිදෙනා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තවදුරටත් රඳවා ගෙන ප්‍රශ්න කිරීම සඳහා විමර්ශන නිලධාරීන් ආරක්ෂක අමාත්‍යවරයාගෙන් ඉල්ලීම් කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතීඥ නිහාල් තල්දූව පැවසුවේ, ඔවුන් තිදෙනා සම්බන්ධ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරගන්නා ලෙස පොලිස්පතිවරයා නියෝග කර ඇති බවයි.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය පසුගිය 18 වැනිදා කොළඹ පැවැත්වූ විරෝධතාවය අතරතුර සහ ඊට පසුදින අත්අඩංගුවට ගත් 16 දෙනා අතර සිටි අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමි සහ හෂාන් ගුණතිලක යන අය සඳහා පොලිසිය රැඳවුම් නියෝග ලබාගෙන තිබුණි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඔවුන්ට එරෙහිව රැඳවුම් නියෝග ලබාගෙන තිබුණේ, අප්‍රේල් 09 වැනිදා අරගලයට අදාළව සිදුවූ සිද්ධි පිළිබඳ විමර්ශනය කිරීම සඳහාය.

ඒ අනුව පෑලියගොඩ පොලිසියේ රඳවා ප්‍රශ්න කරමින් සිටි අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ විමර්ශන කටයුතු සඳහා අද පෙරවරු 8ට පොලිසියෙන් පිටතට රැගෙන ගොස් තිබේ.

පෑලියගොඩ පොලිසිය සඳහන් කළේ, ඔහු රැගෙන ගිය ස්ථානය පිළිබඳව ප්‍රකාශ කළ නොහැකි බවය.

 ත්‍රස්තවාදය වැළක්වීමේ පනතින් වසන්ත මුදලිගේ කොටු කිරීමේ උත්සාහයක් ගැන අන්තරේ කියයි

PHOTO 2022 08 21 17 01 07

ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ චෝදනා ඉදිරිපත් කර, රැඳවුම් නියෝග මත අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, ගල්වැව සිරිධම්ම හිමි සහ හෂාන්ත ජීවන්ත ගුණතිලක සිර කිරීමේ උත්සහයක් ක්‍රියාත්මක වන බවට අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය පවසයි.

ජාත්‍යන්තරයේද අප්‍රසාදයට ලක්වන එවැනි දේ සිදු නොකරන ලෙසත් අත්අඩංගුවට ගෙන ඇති සියලු දෙනා නිදහස් කරන ලෙසත් ඔවුහු රජයෙන් ඉල්ලා සිටිති.

අගෝස්තු 18 වැනිදා කොළඹ පැවති විරෝධතාවයට සහභාගී වූ සරසවි සිසුන් සහ ක්‍රියාකාරීන් අතරින් 16 දෙනෙකු මේ වන විට ඇප මත නිදහස් කොට තිබේ.


 

 
 
 

 

 

 

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්