1200 x 80 DMirror

ජාතික රූපවාහිණී සංස්ථාවට කඩා වැදී මධ්‍යවේදීන් ඇතුළු කාර්ය මණ්ඩලයට තර්ජනය කර

බියගන්වා සජීවි රූපවාහිණී වැඩසටහනකට සම්බන්ධවීමේ චෝදනාව මත අදාළව කුරුදුවත්ත පොලීසිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ දේශපාලන ක්‍රියාකාරික චමින්ද කැලුම්ප්‍රිය අමරසිංහ රුපියල් ලක්ෂ එකහාමාරක මුදල් සහ රුපියල් ලක්ෂ 3ක ශරීර ඇපයක් මත මුදා හැරිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා අද (22) නියෝග කළේය.


මෙම සිද්ධියට අදාළව කුරුදුවත්ත පොලීසියට භාරවූ සැකකරු අත්අඩංගුවට ගත් පොලීසිය අද (22) සවස අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විණී.

මෙහි පළමු සැකකරු වන සමාජ ක්‍රියාකාරී ධානිශ් අලී නැමැත්තා රුපියල් 25000 මුදල් සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට අධිකරණය නියෝග කර තිබුණේ ඉකුත් 15 වැනිදාය.

මෙම සිද්ධියට අදාළ දෙවැනි සැකකරු වන චමින්ද කැලුම් ප්‍රිය අමරසිංහ ජයකොඩි යන අයවලුන්ගේ ද තෙවැනි සැකකරු වන එම්. චන්දිමාල් යන අයගේ ද විදෙස් ගමන් තහනම් කිරීමට ඉකුත් 15 වැනිදා අධිකරණය නියෝග කලේය.

මෙහි සිව්වන සැකකරු වන ආරච්චිගේ සුසිල් වසන්ත නමැත්තා කුරුදුවත්ත පොලීසිය අත්අඩංගුවට ගෙන ඉකුත් 15 වැනිදා අධිකරණයට ඉදිරිපත් කළ අතර, එම සැකකරු ලබන 29 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ද අධිකරණය නියෝග කර ඇත.

 
 ප්‍රංශයෙන් ආ අර්ජුන අමදෝරු රිමාන්ඩ්

මේ අතර GotaGoHome විරෝධතා ව්‍යාපාරයට සහයොගීතාව පළකරමින් පැරිස් නුවර උද්ඝොෂණ සංවිධානය කිරීමට දායක වූ ප්‍රංශයේ පදිංචිකරුවෙකු වන අර්ජුන අමදොරු සැප්තැම්බර් මස 05 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ද අධිකරණය නියෝග කර ඇත.

පැරිසියේ සිට පැමිණසිටි ඔහුව සෙනසුරාදා (20) දින අත්අඩංගුවට ගෙන තිබිණ.

fgdrtrt

සබැඳි පුවත්
 

 

 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය