ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, අන්තර් විශ්ව විද්‍යාලීය

භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය

ගල්වල සිරිධම්ම  හිමි, කැලණිය මහා ශිෂ්‍ය සංගමයේ ශිෂ්‍ය ක්‍රියාකාරී හෂාන්ත ගුණතිලක දින 90ක රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීම සදහා නාරාහේන්පිට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වෙත යොමු කර තිබේ.

මේවනවිට මොවුන් තිදෙනා තංගල්ල රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා ගනිමින් දීර්ඝ වශයෙන් ප්‍රශ්න කරමින් සිටියි.

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ දින 90ක්  රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා ආරක්ෂක අමාත්‍යවරයා වූ රටේ විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ  (22) අත්සන් තැබුවේය.

රඳවාගෙන සිටින කාලය තුළ ඔවුන්  බැලීම සඳහා සතියකට එක් දිනයක් උදේ 9 සිට සවස 4 දක්වා ඔවුන්ගේ ලඟම ඥාතීන්ට අවසර හිමිවේ. අදාල අමුත්තන් රැඳවුම්කරුවන්ගේ ලඟම ඥාතීන් බවට අදාල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරියා විසින් සනාථ කළ යුතුව ඇත.

 

මේ රඳවා ගැනීමට එරෙහිව සහ මෙම තරුණ ශිෂ්‍ය නායකයින් තිදෙනාගේ ජීවිත ආරක්ෂාව පිළිබඳ තර්ජනයට අදාලව අන්තර් විශ්වවිද්‍යාලයී ශිෂ්‍ය බල මණ්ඩලය ඊයේ (22) මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ගොනු කළේය.

 

එමෙන්ම ත්‍රස්තවාදී ලේබලය අලවා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන අධිකරණය මගහැර දින 90ක් අත්අඩංගුවේ රඳවාගෙන කෙරෙන මෙම මර්ධනකාරී පිළිවෙත පිළිබඳ පූර්ණ

වාර්තාවක් ඔවුන් එක්සත් ජාතීන්ගේ සංගම් කාර්යාලයට ඊයේ භාර දුන්නේය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ශිෂ්‍ය ව්‍යාපාර නායකයින්  අත්අඩංගුවට ගෙන දින 90ක රැඳවුම් නියෝග මත රඳවාගෙන  ප්‍රශ්න කිරීම පිළිබඳව  මානව හිමිකම් සුරකින්නන්ගේ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත මේරි ලෝව්ලෝ, ජාත්‍යාන්තර ක්ෂමා සංවිධානයේ දකුණු ආසියානු කලාපයේ අධ්‍යක්ෂ යාමිනී මිශ්‍රා, මෙරට ඇමරිකා එක්සත් ජනපද තානාපතිනී ජුලි චන්ග්, යුරෝපා සංගම් තානාපති කාර්යාලය දැඩි අප්‍රසාදය පල කර තිබිණි.


JDs 2022.08.23

අරගලකරුවන් ත්‍රස්තවාදීන්ද ?


අන්තරයේ කැඳවුම්කරු ඇතුලු පිරිස ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත (PTA) යටතේ දින 90 ක් රඳවා තබා විමර්ශනය කිරීමට ජනපතිගේ අනුමැතිය දීමත් සමග ''අරගලකරුවන් ත්‍රස්තවාදීන්ද?'' යන කාරණය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ පුළුල් සංවාදයක් මතුව ඇත.

 එම සංවාදයේදී 'ත්‍රස්තවාදය' නිර්වචනය සම්බන්ධයෙන්ද විවිධාකාරයේ මත පලවෙමින් තිබේ.

ඒ සම්බන්ධයෙන් අප කල විමසීමකදී සිය අනන්‍යතාවට හෙලිනොකරන්නැයි ඉල්ලා සිටිමින් අදහස් දැක්වූ පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසුයේ, 'ත්‍රස්තවාදය' යන්නෙහි හරියාකාර නිර්වචනය නීති අංශ විසින් පොලිසියේ විමර්ශන කණ්ඩායම් වෙත ලබාදී නොමැති බවයි.

ඒ පිළිබඳව ජාත්‍යන්තර වශයෙන් ප්‍රකාශිත පැහැදිලි කිරීම් කිහිපයක් ඔහු උපුටා දැක්විය . ඒ අනුව ,

Terrorism : FBI definition

terCRP 1

ජාත්‍යන්තර ත්‍රස්තවාදය යනු  නම් කරන ලද විදේශීය ත්‍රස්තවාදී සංවිධාන හෝ ජාතීන් (රාජ්‍ය අනුග්‍රහය ලත්) ආශ්‍රිත හෝ ආශ්‍රිත පුද්ගලයන්ගේ ආභාෂය හෝ පෙළඹවීම මත  යම්  කණ්ඩායම් විසින් සිදු කරනු ලබන ප්‍රචණ්ඩකාරී, සාපරාධී ක්‍රියා වේ.

ගෘහස්ථ ත්‍රස්තවාදය යනු දේශපාලන, ආගමික, සමාජීය, වාර්ගික හෝ පාරිසරික ස්වභාවය වැනි ගෘහස්ථ බලපෑම් වලින් පැන නගින වැඩිදුර මතවාදී අරමුණු සඳහා පුද්ගලයන් සහ/හෝ කණ්ඩායම් විසින් සිදු කරනු ලබන ප්‍රචණ්ඩ, සාපරාධී ක්‍රියා වේ.



ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතෙන් ආරක්ෂක ඇමතිට පැවරෙන බලතල ගැන පැහැදිළි කිරීමක්


ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ සිදු කෙරෙන අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් මේවනවිට සමාජය තුළ වැඩි වශයෙන් සාකච්ඡාවට ලක්වෙමින් තිබේ.

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ කිසියම් සැකකරුවකු රඳවා ගෙන ප්‍රශ්න කිරීම සඳහා පොලීසියට අවසර ලබා දීමට ආරක්ෂක අමාත්‍යවරයාට බලතල පැවරී ඇත්තේ කෙසේද? ඒ සම්බන්ධයෙන් 'නෙත් නිවුස්' කළ විමසීමකදී කරුණු දැක්වූ ජනාධිපති නීතීඥ යූ ආර් ද සිල්වා මෙසේ පැවසිය.


එලෙස රැදවුම් නියෝග මත රඳවා ගෙන සිටින සැකකරු සම්බන්ධයෙන් තොරතුරු අදාල මහේස්ත්‍රාත් අධිකරණයට සහ සැකකරුගේ ඥාතීන් වෙත ලබාදිය යුතු බවටද ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතේ ඇතුලත් වන බව ද ජනාධිපති නීතීඥ යූ ආර් ද සිල්වා වැඩිදුටත් සදහන් කළේය.

 

 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

ඇට මැස්සා