මානව ධර්මයන්ට පටහැනි කුරිරු නීතියක් වූ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතා කරමින්

එම පනතේ විධිවිධාන යොදාගෙන රජයට එරෙහිව විරෝධතාවල නිරත වූ පුද්ගලයන් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය රජය වෙත සිය දැඩි කණස්සල්ල ප්‍රකාශ කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් නීතිඥ සංගමය පවසන්නේ, ත්‍රස්තවාදය පිළිබඳ පැහැදිලි නිර්වචනයක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත තුළ නොමැති තත්ත්වයක දී  නීත්‍යානුකූල විසම්මුතිය ප්‍රකාශ කිරීම යටපත් කර, භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස හකුළුවා සාමකාමී ලෙස ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ක්‍රියාත්මක කරන පුද්ගලයින් ඉලක්ක කර ගැනීම සඳහා අනිසි ලෙස එම පනත භාවිත කිරීමේ බරපතල අනතුරක් පවතින බවය.

නීතිඥ සංගමයේ නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.



ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යනු කුරිරු නීති සම්පාදනයකි, එය විධායකයට පුළුල් බලතල ලබා දී පුද්ගලයන් අත්අඩංගුවට ගෙන දීර්ඝ කාලයක් රඳවා තබා ගනී. රැඳවුම් නියෝග ශ්‍රේෂ්ඨාධිකරණවල මූලික අයිතිවාසිකම් සහ රිට් අධිකරණ බල සීමාවන්ට අනුකූල වුවද, සාමාන්‍ය නීතිය යටතේ අත්අඩංගුවට ගැනීම් සහ රඳවා තබා ගැනීමේ අවස්ථා මෙන් නොව ඒවා විධිමත් අධිකරණ අධීක්ෂණයකට යටත් නොවේ.



පරිපාලනමය වශයෙන් රඳවා තබා ගැනීමේ දී පුද්ගලයෙකුගේ භෞතික නිදහස පිළිබඳ පුළුල් බලතල විධායකයට පැවරෙන අතර අධිකරණ අධීක්ෂණයකින් තොරව දීර්ඝ කාලයක් රඳවා තබා ගැනීමේ කාලසීමාවන් මානව හිමිකම් සුරැකීමේ ජාත්‍යන්තරව පිළිගත් ප්‍රමිතීන්ට පටහැනි වේ.

එසේ රඳවා තබා ගැනීම නිසා රැඳවියා වධ හිංසාවලට හා අමානුෂික සැලකීමට ලක්වීමේ අවදානමක් ද පවතී.


ජනපතිට පෙර කී දෑත් සිහි කරවයි…

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ විධිවිධාන නැවත නැවතත් අපයෝජනයට ලක්ව ඇති ආකාරය මූලික අයිතිවාසිකම් සහ රිට් අයදුම්පත් පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ බොහෝ තීන්දුවලින්  මෙන්ම  2022 මාර්තු 22 වැනි දින පාර්ලිමේන්තු විවාදයේ හැන්සාඩ් වාර්තාව අනුව වත්මන් ජනාධිපති එවකට පාර්ලිමේන්ත මන්ත්‍රී රනිල් වික්‍රමසිංහගේ ප්‍රකාශයෙන්ම තහවුරු වන බව එම සංගමය කියයි.

එමෙන්ම එදිනම එවකට අධිකරණ ඇමති අලි සබ්‍රි ප්‍රකාශ කර ඇත්තේ  “2021 සැප්තැම්බර් මාසයේ සිට, ත්‍රස්තවාදයට සෘජුවම සම්බන්ධවන වැරදි හැර වෙනත් වැරදි සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතා කිරීම පිළිබඳ තථ්‍ය තහනමක් පනවා ඇති“ බවය.  නිතිඥ සංගමය හැන්සාඩ් වාර්තාව උපුටා දක්වමින්  පෙන්වයි.

ඔවුන් දන්වා සිටින්නේ  ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදන වෙත යොමු විය යුත්තේ එය භාවිතා කිරීම යුක්ති සහගත කළ හැකි ත්‍රස්තවාදී මානයක් පෙන්නුම් කරන ප්‍රකාශිත සාක්ෂි  සහිත ඉතා සුවිශේෂී අවස්ථාවන්හිදී පමණක් බවය.

ත්‍රස්තවාදයේ තත්ත්වයන් ආමන්ත්‍රණය කිරීමටත්, දණ්ඩ නීති සංග්‍රහය ඇතුළු රටේ සාමාන්‍ය නීතිය පවතින විරෝධතා වැනි රජයට එරෙහි විසම්මුතිය ප්‍රකාශ කිරීමේදී සිදු විය හැකි වැරදි සම්බන්ධයෙන් කිසිවිටෙකත් අවධානය යොමු නොකිරීමටත් ත්‍රස්තවාදය වැළැක්වීමේ මූලික එකඟතාවයක් බවය.

එමෙන්ම  අත්අඩංගුවට ගැනීම් සිද්ධ වෙන්නේ ශ්‍රී ලංකා රජය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතය පිළිබඳ තහනමක් ක්‍රියාත්මක කරන බවට ලෝකයට  සහතික වී  තිබිය දී බව ද නීතිඥ සංගමය අවධාරණය කරයි.



යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාවට GSP+ සහනය ලබා දීමේදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතා කිරීම සැලකිල්ලක් දක්වන කරුණක් ලෙස සැලකෙන බව ද සංගමය පෙන්වා දෙයි. එමෙන්ම ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ද ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අනිසි ලෙස භාවිතා කිරීම නැවත නැවතත් මතු කර ඇති ආකාරය ඔවුන් අවාධරණය කරයි.


මේ අනුව, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතා කිරීමෙන් වළකින ලෙසත්,  නිකුත් කර ඇති රැඳවුම් නියෝග වහාම අවලංගු කරන ලෙසත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපතිවරයාගෙන් සහ නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.


'ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රජාතන්ත්‍රවාදී නොවන අයුරින් භාවිත කරලා'' -ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසම

මේ අතර ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසම නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, විරෝධතාකරුවන් අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම කිරීම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රජාතන්ත්‍රවාදී නොවන අයුරින් භාවිත කිරීමක් බවයි.

විරෝධතාකරුවන් අඩංගුවට ගැනීම් සාධාරණීකරණය කිරීමට එය යොදාගෙන ඇතැයි එම එම කොමිසම දන්වා සිටියි.

ත්‍රස්තවාදී පනතේ නිර්චනයේ සදහන් වන කරුණු වලට අදාල නොවන සැකකරුවන්ට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතා කර තිබීම කණසල්ලට කරුණක්   එම නිවේදනයේ සදහන්වේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මෙම සැකකරුවන් සම්බන්ධයෙන් කටයුතු කිරීමට හේතු වූ කරුණු සහ තත්ත්වයන් පිළිබඳ මානව හිමිකම් කොමිෂන් සභාව දැනුවත් කරන ලෙස මානව හිමිකම් කොමිසම පොලිස්පතිවරයාගෙන් ඉල්ලා ඇති බවද  එම නිවේදනයේ සඳහන් වේ.

පොලිසිය චෝදනා කරන ආකාරයට ඉකුත් ජනවාරි මස සිට රට පුරා සිදුවුණා යැයි පවසන ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධ වාර්තා තිබේ දැයි තහවුරු කර ගැනීමට මානව හිමිකම් කොමිෂන් සභාවට අවශ්‍ය බවත්,  අඩංගුවට ගත් සැකකරුවන් සිදුකල ත්‍රස්තක්‍රියා සම්බන්ධයෙන්ද දැන ගැනීමට අවශ්‍යතා බවත් කොමිෂන් සභාව පොලිස්පතිවරයාට දැනුම්දී ඇත.

අත්අඩංගුවට ගත් අයගේ අනන්‍යතාව රඳවා සිටින ස්ථාන  පිළිබඳ දැන ගැනීමට මානව හිමිකම් කොමිෂන් සභාව අවශ්‍ය වී ඇති බවත්, ත්‍රස්තවාදය  වැළැක්වීමේ පනත යටතේ රඳවා සිටින සැකකරුවන් ගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳවද තම කොමිසමට දැනුවත් කරන ලෙසට එම කොමිසම නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

 

 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්