අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු තිදෙනා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගෙන ප්‍රශ්න

කිරීමට එරෙහිව හෙට දිනයේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් 03 ක් ඉදිරිපත් කිරීමට ඔවුන්ගේ නීතීඥවරුන් තීරණය කර ඇත.

නීතීඥ නුවන් බෝපගේ පැවසුවේ මෙම සැකකරුවන්ට එරෙහිව අධිකරණය මගින් යම් සහනයක් ලබාගැනීමේ අපේක්ෂාවෙන් එම පෙත්සම් ඉදිරිපත් කරන බවයි.



අරගලයට සහය දැක්වූ පුද්ගලයින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම අසාධාරණ ක්‍රියාවක් බව ද නීතීඥ නුවන් බෝපගේ මෙහිදී සඳහන් කළේය.  



මේ අතර ශ්‍රී ලංකා නීතීඥ සංගමය පෙන්වා දෙන්නේ විරෝධතාකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිත නොකළ යුතු බවයි. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මෙසේ පැවසිය.




''ත්‍රස්තවාදය වැළක්වීමේ පනත ඇයි අවිහිංසාවාදී අරගලකරුවන් වෙනුවෙන් යොදා ගන්නේ?''- බහුජන සංවිධාන එකමුතුව



ත්‍රස්තවාදය වැළක්වීමේ පනත නිරායුධ, අවිහිංසාවාදී අරගලකරුවන් වෙනුවෙන් යොදා ගන්නේ ඇයිදැයි බහුජන සංවිධාන එකමුතුව රජයෙන් ප්‍රශ්න කරති.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගෙන යන මර්දනකාරී පිළිවෙත වහා නතර කළ යුතු බවත්, එසේ නොවන්නේ නම් තවත් දැවැන්ත ජන අරගලයක් ඔහුට එරෙහිව ආරම්භ කරන බවත් බහුජන සංවිධාන එකමුතුව අවධාරණය කළහ.

ඊයේ  (අගෝස්තු 23) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මේ අදහස් පළ කෙරුණි.



කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්