22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ගොනු කොට තිබූ පෙත්සම් නවයේ විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඒ

පිළිබදව තීන්දුව ඉදිරියේදී කතානායකවරයාට යොමු කරන බව ඊයේ (23) ප්‍රකාශ කළේය.

මේ පිළිබදව ලිඛිත දේශන ඇතොත් අද (24) බදාදා සහ හෙට (25) බ්‍රහස්පතින්දා යන දිනයන්හි ගොනු කරන ලෙසට පෙත්සම්කරුවන්ට දැනුම් දුන්නේය.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම් ඊයේ (23) සැලකිල්ලට ගැණීනි.

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව සඳහන් කරමින් එය විශේෂ මන්ත්‍රී සංඛ්‍යාවකගේ සහ ජනමත විචාරයකින් සම්මත කර ගැනීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා වෛද්‍ය ගුණදාස අමරසේකර ඇතුළු නවදෙනකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සම් 09 ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (23) විභාගයට ගත් අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විණි.

 

දෙවන දිනටත් පෙත්සම් විභාගය ඊයේ ආරම්භ වූ අවස්ථාවේ දී නීතිපති, ජනාධිපති නීතිඥ සංජේ රාජරත්නම් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හදුන්වා දුන් ඇතැම් සංශෝධන හේතුවෙන් ජනතාව සතු පරමාධිපත්‍ය බලය පුළුල් වී ඇති බව කියා සිටියේය. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිව යුතු යැයි අන්තර්ගත ප්‍රතිපාදනය එවැන්නක් බවද නීතිපතිවරයා සඳහන් කළේය.

 

මෙවැනි සංශෝධන හරහා ජනාධිපතිවරයා සතු විධායක බලතල කප්පාදු වීමක් සිදු නොවන අතර එය විධායක බලය තුලනාත්මක තත්ත්වයකට පත් කිරීමට හේතු වන බව ද නීතිපතිවරයා කියා සිටියේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 17 වන සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රකාශයට පත් කළ නඩු තීන්දුව මගින් ද ජනාධිපතිවරයා සතු විධායක බලය සීමා කිරීම, ඔහුගේ බලය කප්පාදු කිරීමක් වශයෙන් සැලකිය නොහැකි බව සඳහන් කර ඇතැයිද නීතිපතිවරයා ප්‍රකාශ කළේය.

21 වන ව්‍යවස්ථා සංශෝධනයට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දුන් නඩු තීන්දුව මගින් ජනාධිපතිවරයා සතුව විධායක බලය පවතින අතර එම බලය විවිධ පුද්ගලයින්ට සහ ආයතනවලට නියෝජනය කිරීම සඳහා විමධ්‍යගත කිරීමට ජනාධිපතිවරයාට හැකියාව තිබෙන බව අවධාරණය කර ඇති බව නීතිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

ඒ අනුව ජනාධිපතිවරයා සතු බලය නියෝජනය කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ඉඩ සලසා දීම ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවක් නොවන බව එම නඩු තීන්දුව මගින් සදහන් කර ඇතැයිද නීතිපතිවරයා සඳහන් කළේය.

 

අවසන් වශයෙන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් නීතිපති සංජේ රාජරත්නම් කියා සිටියේ, යෝජිත පනත් කෙටුම්පත තුලින් ජනතා පරමාධිපත්‍යයට අගතිදායක ප්‍රතිපාදන කිසිවක් ඇතුළත් කර නොමැති බවයි. ඒ තුළින් ජනතා පරමාධිපත්‍යය පූළුල් වීමක් සිදුවන බව ද ඔහුවැඩිදුරටත් පෙන්වා දුන්නේය.

 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්