හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ශ්‍රී ලංකා පොදුජන පෙරමු‍ණේ (පොහොට්ටුව) ඉහල තනතුරක් ලබාදීමට තීරණය කර ඇතැයි වාර්තාවේ.



ලබන මාසයේ පැවැත්වීමට නියමිත පක්ෂ මහ සමුළුවේදී ‍එම පත්කිරීම සිදුකිරීමට නියමිත බවද පැවසේ.

ගෝඨාභය රාජපක්ෂ මේවනතෙක් කිසිඳු දේශපාලන පක්ෂයක තනතුරු දරා නොමැත.

හිටපු ජනාධිපතිවරයා සැප්තැම්බර් මාසයේ යලි දිවයිනට පැමිණි පසු ඔහුව ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට නම් කිරීමට ද ශ්‍රී ලංකා පොදුජන පෙරමු‍ණ තීරණය කර ඇතැයි ද පැවසේ.


පක්ෂයේ මතයට එරෙහි වූවන් තනතුරුවලින් නෙරපීමට යයි 


මේ අතර එම පක්ෂයේ ප්‍රධාන ලේකම් නීතිඥ සාගර කාරියවසම් පවසන්නේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමු‍ණේ තනතුරුවල වෙනසක් සිදු කරන බවයි.  

ඔහු ප්‍රකාශ කළේ, ලබන මාසයේ පැවැත්වීමට නියමිත පක්ෂ මහ සමුළුවේදී ‍මෙම තනතුරු වෙනස් කිරීම් සිදු කරන බවය.

විශේෂයෙන් පසුගිය කාලසීමාව තුළ ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණ පක්ෂයක් ලෙස ගනු ලැබූ දේශපාලන තීන්දුවලට එරෙහිව යමින් කටයුතු කළ දැනට පක්ෂයේ ප්‍රධාන පෙළේ තනතුරු දරණ පුද්ගලයින් එම තනතුරුවලින් ඉවත් කිරීමට ද එහිදී කටයුතු කරන බව සාගර කාරියවසම් පැවසුවේ ය.

පසුගිය දා පාර්ලිමේන්තුවේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයක් ලෙස රනිල් වික්‍රමසිංහට සහය දැක්වීමට තීරණය කළේ ය.

එහෙත්, එහිදී පක්ෂයේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස්, භාණ්ඩාගාරික ඩලස් අලහප්පෙරුම ඇතුළු එම පක්ෂයේ  පිරිසක් ඊට එරෙහිව වෙනත් මතයක පිහිටා කටයුතු කළේ ය.



කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

ඇට මැස්සා