මේ රට ලෝකයේ ලස්සනම රටක් කිරීම ලාංකික අප වැඩිදෙනෙකුගේ සිහිනයයි.



ඒ සිහිනය වෙත යා යුතුව තිබෙන්නේ අප අද වැටී සිටින ස්ථානයේ සිටයි. එනම්, මේ ආර්ථික අර්බුදයේ සිටයි.

රාජ්‍යයේ පැවැත්ම අභියෝගයට ලක්කර තිබෙන මෙම දේශපාලන අර්බුදයේ සිටයි.

අපේ සිහිනය අපේ ජීවිත මත සුදු අලියෙකු ලෙස කඩා නොවැටුණු, දක්ෂතාවන්ට මුල්තැන දෙමින් පාලනය කරන කාර්යක්ෂම රජයකි.

අපේ සිහිනය යථාර්ථවාදී රාජ්‍ය නියාමනයට යටත් වූ සාධාරණ වෙළඳපොළකි. අසාධාරණ රාජ්‍ය බාධාවලින් තොර තරගකාරී වෙළඳපොළ ආර්ථිකයකි. නැති බැරි ජනයා රැකගන්නා සමාජ ආරක්ෂණ ජාලයකි.

එමෙන්ම, ඒකාධිපතිවාදය පිටුදකින, සියලු ප්‍රජාවන් වෙත සාධාරණ අන්දමින් බලය බෙදී යන ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සිට පක්ෂ අභ්‍යන්තරය හරහා සමාජය හා පවුල දක්වාම විහිදෙන සැබෑ ප්‍රජාතන්ත්‍රවාදයකි. බලහත්කාරයන් හා ප්‍රචණ්ඩත්වය වෙනුවට නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත දේශයකි.

 

මේ සිහින වෙනුවෙන්, පසුගිය කාලය තුළ විවිධ සංවිධාන හා කණ්ඩායම් කිහිපයක් එක්ව පැවති දීර්ඝ සාකඡාවන් කිහිපයකින් පසුව රටට අත්‍යවශ්‍ය ආර්ථික හා දේශපාලන ප්‍රථිසංස්කරණ ඉලක්ක කරමින් කටයුතු කිරීම සදහා ''මට සිහිනයක් තිබේ'' නමින් දේශපාලන ක්‍රියාකාරීත්වයක් මේ වන විට නිර්මාණය වී තිබේ.

 

එම එකමුතුවේ පළමු පියවර වශයෙන් අගෝස්තු 25 සවස 3ට මහවැලි කේන්ද්‍රයේ දී මහජන සම්මන්ත්‍රණයක් සංවිධානය කර ඇති අතර, ඒහි දී මහාචාර්ය රොහාන් සමරජීව, නීතිඥ දුලාන් දසනායක, චින්තන ධර්මදාස හා අජිත් පැරකුම් ජයසිංහ යන අය එහි දී මූලික අදහස් දැක්වීමට නියමිතය.

මෙම අවස්ථාව සදහා සහභාගී වන ලෙසත්, මෙහි ඉදිරි කටයුතු වලදී ඔබගේ පුර්ණ සහාය අපේක්ෂා කරන බවත් සංවිධායක කමිටුව කියා සිටියි.

PHOTO 2022 08 24 12 13 11PHOTO 2022 08 24 12 13 11 1

Chinthana Dharmadasa ගේ ෆේස්බුක් සටහන් කිහිපයක්


චන්දන සිරිමල්වත්තට අනුව මාර්ටින් ලුතර් කිංගේ සිහිනය පමණක් ඇත්තය. අනෙක්වා බොරුය.  අපිට අනුව ABBA ගේ සිහිනයත්, ජෝන් ලෙනන් I am dreamer කිව්වාමත් අනෙක් හැම කෙනෙකුගේම සිහිනත් ඇත්තය. සිහිනවල බොරු නැත.


I Have a Dream, a song to sing
To help me cope, with anything
If you see the wonder, of a fairy tale
You can take the future, even if you fail
I believe in angels
Something good in everything I see
I believe in angels
When I know the time is right for me
I'll cross the stream, I Have a Dream
I Have a Dream, a fantasy
To help me through, reality
And my destination, makes it worth the while
Pushin' through the darkness, still another mile

300192215 10160093371360185 8437734811216919831 n

''රටක් ගොඩයන්නෙ ඒ රටේ ඉන්න හීන තියෙන මිනිස්සු නිසා. ලබන බ්‍රහස්පතින්දා මහවැලි කේන්ද්‍රයේදී අපි ගොඩයන හීන ගැන කතා කරනවා.'' - චින්තා

300058266 10160090784050185 5417013751097185864 n

''හැමෝම සිස්ටම් චේන්ජ් එකක් ගැන කතා කරනවා. ඒ හැම චේන්ජ් එකක්ම අපෙන් එලියෙ අනුන්ව චේන්ජ් කරන ඒවා. කවුරුවත් කැමති නෑ තමන් වෙනස් වෙන්න. සිස්ටම් චේන්ජ් එක අපෙන්ම පටන්ගමුද?''

299790939 10160091830060185 1420693110648918826 n

අරගලය ඉවරද? නෑ අරගලය පටන්ගත්තා විතරයි. අරගලය කියල වටේ තැන්වල නටන්නෙ නැතුව සැබෑ අරගලය ඇතුලට එන්න. සිස්ටම් චේන්ජ් එකක් කරන්න නම් හරි තැන හිටගන්න. රට වෙනස් කරන්න තමන්ගෙන් පටන්ගන්න.

300008684 10160093130070185 2378664657988501716 n 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්