1200 x 80 DMirror

ලිබරල් නිදහසේ ඩිජිටල් ආස්වාදය යන තේමාව රැගත්  'ෆ්‍රීඩම් ටීවී' (Freedom tv ) නමින් චැනලයක් අද (24) පටන් යූටියුබයේ විකාශය වීමට නියමිතය.



සමනළයෙකුගේ සංකේතය රැගත් එය පිළිබඳ ෆේස්බුක් අඩවියේ පෝස්ටුවක් පළකෙරුනේ සමනළයන් තටු සලද්දී භූමිකම්පා ඇතිවිය හැකිය යන අවවාදය ද සහිතවයි.



චන්දන ප්‍රසන්න විසින් නාලිකා ප්‍රධානී තනතුර දරන මෙය සාමාන්‍ය යූටියුබ් චැනල් වලට වෙනස්ව රූපවාහිනී නාලිකාවක විවිධත්වය සහ ආස්වාදය ගෙන ඒමට උත්සාහ කරන බවයි එහි අධ්‍යක්ෂවරුන් පවසන්නේ.

එමෙන්ම මිනිස් නිදහස, අයිතිය සහ සමානාත්මතාව මූලික කරගත් ලිබරල් දේශපාලන දර්ශනය සහ සංස්කෘතිය  ප්‍රවර්ධනය මෙහි අපෙක්ෂාව වෙනවා.

මංගල සමරවීර නික්ම ගොස් වසරක් පිරෙන දින මංගල සිහින දුටු රට ගොඩනැගීම වෙනුවෙන් 'ෆ්‍රීඩම් ටීවී' තරුණ තරුණියන් සමග අත්වැල් බැඳගනු ඇති. එහි සමාරම්භක වීඩියෝවද මංගල මතක අනුස්මරණය කිරීම වෙනුවෙන් නිර්මාණය කර තිබීමද විශේෂයක්.


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 


 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

ඇඩ්වර්ටයිසිං ලෝකය