1200 x 80 DMirror

භුමි තෙල් මිල වැඩි කිරීම මගින් සුළු පන්න ධිවරයාගේ රැකියාව අහිමි කොට මහා පරිමාණ

ව්‍යාපාරිකයන්ට සාගර සම්පත අයිති කර දීමේ සැලසුමක් ඇත්දැයි දකුණේ ධිවර සංගම් නායකයෙක් සැක මතු කර තිබේ.

21 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට භුමිතෙල් මිල ඉහළ දැමීමට ඛණිජ තෙල් සංස්ථාව කටයුතු කළේය. ඒ අනුව භුමිතෙල් ලීටරයක මිල රුපියල් 253 කින් වැඩි කළ අතර එහි නව මිල වන්නේ  රුපියල් 340කි.

"පහුගිය කාලේ ආණ්ඩුව ගෙනාවා ධීවර ප්‍රතිපත්තියක් හැටියට මේ රටේ සුළු පන්න ධිවර කර්මාන්තය අඩාල කිරීමේ යෝජනා. ඒ කියන්නේ අලුතෙන් බෝට්ටු නිශ්පාදනය තහනම් කෙරුවා. එගොල්ලන් ගෙනාවා අඩි 55 න් එහා බෝට්ටු විතරයි නිශ්පාදනය කරන්න පුළුවන් කියලා. ඒවාට සීයයට පනහක සහනාධාර දුන්නා. "



ලංකා ඉතිහාසයේ මෙතෙක් සිදු නොවු ආකාරයෙන් භුමිතෙල් මිළ ඉහළ දැමීම නිසා ආණ්ඩුව සිදු කරන්නට යන්නේ කුමක්දැයි බරපතල ප්‍රශ්නයක් පවතින බව පවසන සමස්ත ලංකා ධිවර ජනතා වෘත්තීය සංගමයේ සභාපති අරුණ රොෂාන්ත, අගෝස්තු 23 වැනි අගහරුවාදා කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් අවධාරණය කළේ තෙල් මිල ඉහළ දැමීම හරහා සිදු කර ඇත්තේ එම යෝජනාවට උපකාර කිරීමක් බවයි.



දිනකට භුමිතෙල් ලීටර 40 ක් පමණ භාවිත කරන සුළු පන්න ධිවරයෙකුට භුමිතෙල් හා ඔයිල් මිලදී ගැනීම සදහා රුපියල් 15000 ක් දහසකට වැඩි මුදලක්  වැය කිරීමට සිදු වන අතර එය දරාගත නොහැකි වියදකමක් බවයි ධිවර සංගම් නායකයා පවසන්නේ.

"ඊට අමතරව අපි ඔයිල් පාවිච්චි කරනවා. ඔයිල් මිල තිබුනේ රුපියල් 650 ට. අද වෙන කොට රුපියල් 3000 ක් වෙනවා. "

පවතින තත්වය හමුවේ කඩිනම් විසදුම් ඉල්ලා සතියකව වැඩි කාලයක් තිස්සේ ධීවරයන් සිය පවුල් වල සාමාජිකයන් ද සමග හලාවතදී විරෝධතාවයක නිරතව සිටියද ඒ සම්බන්ධයෙන් සොයා බැලීම සදහා වගකිවයුතු නිලධාරියෙකු එහි නොපැමිණි බවටත් අරුණ රොෂාන්ත චෝදනා කළේය.



සුළු පන්න ධිවරයාට රැකියාවේ නිරත වීමට ඇති ඉඩ ප්‍රස්ථාව ඇහිරීම හරහා නිරායාසයෙන්ම මහ මුහුද ධනවතුන් අතට පත් වෙන තත්වයක් නිර්මාණය කර ඇති බවට මාධ්‍ය හමුවේදී පැවසු ධිවර සංගම් නායකයා තව දුරටත් සදහන් කළේ භුමිතෙල් මිල ඉහළ යාම හමුවේ තව දුරටත් රැකියාව නොකිරීමට සුළු පන්න ධිවරයන් තීරණය කළ බවයි.



රට තුළ පැවැති භුමිතෙල් හිගය නිසා මාස තුන හමාරකට අධික කාලයක් තිස්සේ සුළු පන්න ධිවරයාට සිය රැකියාව අහිමි ව සිටින අතර එම කාලය තුළ බලධාරීන් සමග පැවැත්වු සාකච්ඡා හතරම විසදුමකින් තොරව අවසන් වු බව සමස්ත ලංකා ධිවර ජනතා වෘත්තීය සංගමයේ සභාපති අරුණ රොෂාන්ත මාධ්‍ය හමුවේදී සදහන් කළේය. 

 

''මාළු නෙමෙයි දැන් අපේ මාළු තමයි කන්න වෙලා තියෙන්නේ.''

ඉන්ධන මිල වැඩි කිරීම සහ ඉන්ධන හිඟය නිසා බොහෝ ධීවරයන් මුහුදු යෑමෙන් වැළකී සිටීමත් සමඟ මාළු මිල සීග්‍රයෙන් ඉහළ ගොස් තිබේ.

මේ ගැටලුවට වහාම විසඳුම් ලබාදෙන ලෙස ධීවරයෝ දිගින් දිගටම ඉල්ලා සිටිති.

''මාළු නෙමෙයි දැන් අපේ මාළු තමයි කන්න වෙලා තියෙන්නේ.'' සහ ''ඉඩකඩන් උකස් තියන්න වෙනවා මාළු කෑල්ලක් කන්න.'' ආදී වශයෙන් මාළු මිලදී ගැනීමට ඊයේ (අගෝස්තු 24) මීගමුව මහලෙල්ලමට පැමිණ සිටි පිරිස BBCයට අදහස් දක්වමින් පැවසුහ.

 

 
 

 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය